slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2024
මංගල අර්ධ ශතකය ගැන නිශාන් මදුෂ්කගේ අදහස

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දුපත් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉරිදා (20) මහනුවර පල්ලේකැලේ පැවැති ප්‍රථම එක්දින තරගය තම මංගල එක්දින ජාත්‍යන්තය බවට පත් කර ගත් නිශාන් මදුෂ්කට එම තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවස්ථාව උදා වීම පිටුපස මෙරට දේශීය ක්‍රිකට් තරගාවයේ ලද අත්දැකීම් ඉවහල් වූ බව සඳහන් කර සිටියේය.

තරගයේ පසුව පැවැති මාධ්‍ය හමුවේදී මදුෂ්ක උක්ත අදහස් පළ කර සිටියේය. ශ්‍රී ලංකා ජයග්‍රහණය කරායාමට අසීරු ඉලක්කයක් ලැබී තිබිය දී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 3 ම ලකුණු 45 ක් ඇතුළත බිඳ වැටීම ප්‍රබල පාඩුවක් විය. එවැනි පීඩනකාරී තත්ත්වයක් මත හිඳ එම තරගයේදී තමමංගල අර්ධ ශතකය වාර්තා කර ගැනීමට මදුෂ්ක සමත්වූවේය. මෙහිදී එය තමන්ට පීඩනයක් ගෙන දුන්නේදැයි කරන ලද විමසීමේදී මදුෂ්ක සඳහන් කර සිටියේ,  නායක චරිත් අසලංක පිටියට පිවිසීමෙන් පසු තමන්ට ලබා දුන් උපදෙස් නිසා තමා වඩාත් ධෛර්යයට පත්වූ බව සඳහන් කර සිටියේය.

“කණ්ඩායම් නායකයා මට පැවසුවේ දුර්වල පන්දුවලට පමණක් පහර දී පැතිමාරු කරගෙන පන්දුවාර විස්සක් යනතුරු පන්දුවට පහරදෙමු කියලා. එය අනුගමනය කිරීම නිසා තරග ජයග්‍රහණයට කිරීමට අඩිතාලම එක් කිරීමට අවස්තාව උදාවුණා“ යැයි මදුෂ්ක පැවැසීය.

“බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් මෙදින හොඳින් පන්දු යැව්වා. ඒත් වර්ෂාව මත පන්දුව හරිහැටි දඟ කැවීමට ඔවුනට අපහසු වුවා. එම තත්ත්වය අපට වාසියක් ගෙන ආවා. මා මගේ සාමාන්‍ය (Normal) ක්‍රීඩාව වෙනදා මෙන්ම සිදු කළේ විශේෂ සැළසුම් සකස් කරගෙන නොවෙයි.“

 “මා අර්ධ ශතකයක් ගන්න ඕනෑ හෝ වෙනත් විශාල දේවල් සිතුවේ නෑ. දේශීය තරගාවලියන් හි අත්දැකීම් අනුව මගේ සාමාන්‍ය ක්‍රීඩාවම පවත්වාගෙන ගියා. එහිදී ලකුණු අතරට පිවිස මංගල තරගයේදීම අර්ධ ශතකයක් ලැබීම පිළිබඳව සතුටු වනවා.“

“ මා සෑම විටම උත්සාහ ගන්නේ ඉනිමකදීම උපරිමයෙන් ලකුණු රැස් කිරීමටයි. මගේ නායක චරිත් අසලංක පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ මගේ කාර්යය ඉටු කිරීම පහසු වුවා. චරිත් ලබා දුන් උපදෙස් තමාට ලකුණු අතරට ඒමට දිරිගැන්වීමක් වු බවයි“ ද නිශාන් මධුෂ්ක ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee