slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2024
ලකුණු 73ක ජයක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA

තරගාවලියේ තවදුරටත් අපරාජිතව සිටීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී පන්දු 49 කදී පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 54 ත් මංගල විස්සයි-20 තරගයේදීම දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන පන්දු යැවීමත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 73 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (15 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. මාස 4 කට පසුව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු එම ජයත් සමග දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසද ශ්‍රී ලංකාව සම තැන් ගත්තේය.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 163 ක ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වෙල්ලාලගේ ලකුණු 09 කට කඩුලු 3 ක සුපිරි පන්දු යැවීම ප්‍රධාන කොට පන්දුවාර 16.1 කදී සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 89 ක් පමණි. මංගල විස්සයි-20 තරගයේදීම මතක හිටින පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ තම පන්දු යැවීම පන්දු යැවීම පන්දුවාර 4 කදී ලකුණු 09 කට කඩුලු 3 ක් වශයෙන් සීමා කර ගත්තේය. ඔහුට අමතරව මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක සහ වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගනිමින් කොදෙව් කණ්ඩායම ලකුණු 89 ක් තරම් අවම මට්ටමක රඳවා ගැනීමට දායකත්වය දැක්වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා කොදෙව් ඉනිමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනාගේම නම ඉදිරියෙන් ලකුණු සටහන් වූයේ 5, 7, 4 සහ 0 වශයෙනි. ඉනිමේ ලකුණු 10 සීමාව ඉක්මවා ලූ පිතිකරුවන් සිටියේ තිදෙනෙකු වන අතර ඉන් දෙදෙනෙක්ම අංක 7 න් පසුව පන්දුවට පහර දීමට පැමිණි රොව්මන් පවෙල් (20) සහ අල්සාරි ජෝසප් (16) වූහ.

පළමු තරගය පැවැති තණතීරුවේදීම අද තරගය  පැවැත්වුණත් එය වැඩි සහයෝගයක් දැක්වූයේ දඟ පන්දු යවන්නන්ට විය. එබැවින් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ හැකි තරම් වේගයෙන් වේග පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු රැස් කිරීමයි. එම අරමුණ ඉහළින්ම සාක්ෂාත් කරගත් පැතුම් නිස්සංක ෂෙමාර් ජෝෂප්ගේ පන්දුවාරයකට එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 5 ක් විය.  ජෝෂප්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී පැතුම් දැවී යන විට තම ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 9 කින් වර්ණවත්ව තිබිණ.

තරගය ආරම්භයේදී පන්දුවාර 3 නිමා වද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුනේ ලකුනු 08 ක් ලෙසිනි. දඟ  පන්දු යවන්නන් දෙදෙනා වූ ගුඩාෂේක් මෝති සහ රොස්ටන් චේස් හමුවේ තරමක් පරෙස්සමෙන් පිති හැරඹවීම නිසා ඔවුන් දෙදෙනා එක්ව යවන ලද පන්දුවාර 8 දී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ 37 ක් පමණි. ඉතිරි ලකුණු 114 ම වේග පන්දු යවන්නන් හමුවේ රැස් කරන ලද ලකුණු විය.

වේගයෙන් ලකුණු රැස් නොකළත් පළමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමග ලකුණු 77 ක් එක් කිරීමට කුසල් මෙන්ඩිස් දායකත්වය ලබා දුන්නේය. පන්දු 25 කදී ලකුණු 26 ක් ලෙසින් සටහන් වුණු එම ඉනිම නිමා වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 111 ක්ව සටහන්ව තිබියදීය. රැස් කළේ ලකුණු 19 ක් වුවත් කමිඳු මෙන්ඩිස් සහ කුසල් පෙරේරාගේ පන්දුවට පහර දීම ප්‍රේක්ෂකයින්ගේ අමන්දානන්දයට හේතු විය. මොවුන් දෙදෙනාගෙන් කුසල් පෙරේරා ලකුණු 24 ක් සහ කමිදු ලකුණු 19 ක් රැස් කළ නමුත් ඔවුන් එකතුව ඊට හයේ ප හර 2 ක් සහ හතරේ පහර 4 ක් එල්ල කර තිබුණහ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි තරගය මේ මස 17 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 162 යි

පැතුම් නිස්සංක 54, කුසල් මෙන්ඩිස් 26, කුසල් පෙරේරා 24, කමිදු මෙන්ඩිස් 19, චරිත් අසලංක 09, භානුක රාජපක්ෂ 05*, වනිදු හසරංග 05*, රොමාරියෝ ෂෙපර්ඩ් 23/2, අල්සාරි ජෝසප් 33/1, ශමාර් ජෝසප් 35/1, ෂමාර් ස්ප්‍රිගර් 24/1)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 16.1 කදී සියලු දෙනා දැවී ලකුණු 89 යි

බ්‍රෙන්ඩන් කිං 05, එවින් ලුවිස් 07, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් 04, රොස්ටන් චේස් 00, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 14, ගුඩාකේෂ් මොතී 04, රොව්මන් පවෙල් 20, රොමාරියෝ ෂෙපර්ඩ් 01, ශමාර් ස්ප්‍රිංගර් 07, අල්සාරි ජෝෂප් 16, ශමාර් ජෝසප් 05*, දුනිත් වෙල්ලාලගේ 09/3, මහීෂ් තීක්ෂණ 07/2, චරිත් අසලංක 06/2, වනිඳු හසරංග 32/2, මතීෂ පතිරණ 12/1

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee