slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2024
වර්ෂාව නිසා ප්‍රමාදවුණු තරගය 4.30 ට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (23 දා) පල්ලේකැලේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය. තරග ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා ඇතිවීම ඊට හේතු විය.

මෙම තත්ත්වය මත ක්‍රීඩාංගණ නිලධාරීන්ට මුලු ක්‍රීඩාංගණයම වැසි ආවරණ වලින් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිිය. කෙසේ වෙතත් තරගය නැවතත් ප.ව. 4.30 ට ආරම්භ කිරීමට විනිසුරුවරුන් තීරණය කර ඇතත් සමස්ථ තරගයේ පන්දුවාර සංඛ්‍යාව 50 තරගයක් නොව පන්දුවාර 44 ක තරගයක් ලෙසින් පැවැත්වීමට තීරණය වී තිබේ.

ප.ව. 1.30 ට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය යළිත් වසා තැබීමට ක්‍රීඩාංගණය සේවකයින්ට සිදුවිය. ඒ අනුව නව තරග වේලාවට අනුව කාසියේ වාසිය ප.ව. 4.15 ට උරගා බැලීමට නියමිතව තිබේ.

තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටින හෙයින් අද තරගය ජය ලැබුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත.

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee