පන්දු 55 කින් ලකුණු 107 ක් උදුරා ගත් බ්‍රෙන්ඩන් කිං සහ එවින් ලුවිස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (13 දා) රාත්‍රියේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
චරිත් අසලංකගේ සහ කමිඳු මෙස්ඩිස්ගේ අර්ධ ශතක හේතුවෙන් ලකුණු 180 ක ඉලක්කයක් සංචාරකයින් හමුවේ ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරුවන්ට එරෙහිව තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම නිසා තරගය නිමා වීමට පන්ද 5 කට පෙර කොදෙව්වෝ ජය අත්කර ගත්හ.
මතීෂ පතිරණ විසින් යවන ලද 50 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කළ ශර්ෆන් රදර්ෆර්ඩ් කඩුලු 5 ක ජයක් කරා කොදෙව් පිල රැගෙන යනු ලැබීය. කොදෙව් පිල පන්දුවට පහර දෙන අතරතුරදී ශ්‍රී ලංකා පිලට වැඩිම හානියක් සිදුකරන ලද්දේ පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දීය. එම පන්දුවාර 6 දී ඔවුන් ලකුණු 74 ක් රැස් කරන ලද්දේ එක් කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි.
වේගවත් පිතිහරමයක නියැළුණු බ්‍රෙන්ඩන් කිංග් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමඟින් පන්දු 33 කදී ලකුණු 63 ක් රැස් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සතු සියලු වාසි කොදෙව් පිතට ළං කර දෙමිනි. මෙම ඉනිම ප්‍රධාන කොට ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමි විය. කෙසේ වෙතත් ඔහුට අනගි සහායක් ලබා දුන් එවින් ලුවිස් හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේය.
කොදෙව් ඉනිමේ අර්ධ ශතක දෙක්ක වර්තා වද්දී ශ්‍රී ලංකා කඳවුරෙන්ද පිතිකරුවන් දෙදෙනෙකු අර්ධ ශතක වර්තා කිරීම කැපී පෙනිණ. කණ්ඩායම් නායක චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක රැස් කළහ.
ටෙස්ට් පිටියේදී දක්වන ලද දක්ෂතාවය විස්සයි-20 පිටියටත් රැගෙන ආ කමිදු මෙන්ඩිස් පන්දු 40 කදී ලකුණු 51 ක් රැස් කළේය. ඒ ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කරමිනි. කමිඳු සහ චරිත් අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 82 ක් විය. පන්දු 54 ක් පමණක් වැය වුණු එම සම්බන්ධතාවය බිඳී යන විට ලකුණු පුවරුව 140 ක් ලෙසින් සටහන් විය.
ශ්‍රී ලංකාවට හිමි පවර් ප්ලේ අවස්ථාවේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 54 ක් පමණක් වුවත් අවසන් පන්දුවාර 6 දී ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 60 ක් එක් කර ගැනීමට සමත්වීම කැපී පෙනිණ. නායක අසලංක 19 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී දැවී යන විට ප්දු 35 කට මුහුණ දෙමින් ලකුණු 59 ක් රැස් කරගෙන සිටියේ තම ඉනිම හතරේ පහර 9 කින් වර්ණවත් කර ගනිමිනි.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය ලබන 15 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 179 යි
පැතුම් නිස්සංක 11, කුසල් මෙන්ඩිස් 19, කුසල් පෙරේරා 6, කමිඳු මෙන්ඩිස් 51, චරිත් අසලංක 59, භානුක රාජපක්ෂ 17, වනිඳු හසරංග 01, චමිඳු වික්‍රමසිිංහ 04*, මහීෂ් තීක්ෂණ 04, රොමාරියෝ ෂෙපර්ඩ් 39/1, අල්සාරි ජෝෂප් 40/1, ශමාර් ජෝසප් 27/1, ගුදාකේෂ් මෝටී 16/1, ශමාර් ස්ප්‍රිංගර් 25/1
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 19.1 කදී කඩුලු 5 ක් දැවීි ලකුණු 180 යි
බ්‍රෙන්ඩන් කිංග් 63, එවින් ලුවිස් 50, ෂායි හෝප් 07, රොස්ටන් චේස් 19, රෝව්මන් පවෙල් 13, ෂෙෆර්න් රදර්ෆර්ඩ් 14*, රොමාරියෝ ෂෙපර්ඩ් 1, මතීෂ පතිරණ 27/2, මහීෂ් තීක්ෂණ 31/1, වනිඳු හසරංග 38/1, කමිඳු මෙන්ඩිස් 14/1