ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය.
මෙම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ අභිලාෂය, දේශපාලන ප්‍රතිපත්ති හා ව්‍යාවසාය පරිණාමය පිිළිබඳ විශේෂිත සැලැස්මක් සමඟඟ සම්බන්ධ වන ආකාරය, අනාගතය සඳහා සුදුසුකම් සංවර්ධනය කිරීම, කුසලතා කලමනාකරණය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා දැන්වීම පිළිබඳ උපයෝගිතා සලසන ආකාරය අනුව සලකා බලමින් එම කොංග්‍රසය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මෙම පිළිගැනීම පිරිනමන ලදී.
ඊට අමතරව සේවක සහභාගිත්ව, විවිධත්ව සහ බඳවා ගැනීම්, කාන්තා සවිබල ගැන්වීම, සේවා ස්ථානයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ කලමනාකරණය. මෙන්ම සමාජ සත්කාරක කටයුතුවලට මුල පිරීම්ද මේ පිළිබඳව සම්මානය ලබාදීමේදී සලකා බලන ලද නිර්නායකයන් අතර වේ.
“අපගේ දැක්ම වන්නේ අපගේ සේවකයින්ට, සංවිධානයට සහ අප සේවය කරන ප්‍රජාවට උපායමාර්ගික සහාය සහ මඟ පෙන්වීම ක්‍රියාශීලීව ලබාදීමයි“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකාර මේජර් ටනේෂ් බී. ඩයස් මහතා අදාළ පිළිගැනීමෙන් පසු සඳහන් කර සිටියේය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රෙය් පැවැති උත්සවයකදී මානව සම්පත් කොංගසය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලන ප්‍රදානී අරුණ ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානී චන්දිම මාපටුන මහතා වෙත මෙම සම්මානය පිළිගන්වනු ලැබීය.