මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි වසර එකහමාරක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ ධුර කාලය අවසන්වීමත් සමඟ ඉකුත් ජූලි මස සිට ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුුහුණුකරු ලෙස වගකීම භාර ගත්තේය. තමන්ට ලබා දුන් අවස්තාවෙන් උපරිමය පෙන්වීමට ජයසූරිය සමත්වීම නිසා ඔහුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ප්‍රධාන පුහුණු තනතුරේ රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ.
ජසූරියගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව ද්වී පාර්ශ්වික තරගාවලියකින් පළමු වතාවට ජයග්‍රහනය කිරීමට සමත්වීම. එපමණක් නොව වසර 10 කට වඩා කාලයකින් පසු එංලන්තයට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් තරගයක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. එමෙන්ම මීට දින 7 කට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් වුණු නවසීලන්තයට එරෙහි තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියද 2-0 ක් ලෙස ජය අත්කර ගැනීමට ජයසූරියගේ අන්තර්වාස පුහුණු කාල සීමාවේදී හැකියාව ලැබිණ.
මෙම නව තනතුර භාර ගැනීමත් සමඟ ජයසූරිය මෙතෙක් කාලයක් දරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරෙන් ඔහු ඉවත්ව යනු ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටින්නේ අතුරුකාලීන පුහුණුකරු ලෙස කටයුතු කළ ජයසූරිය මහතා ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලිවලදී දක්වන ලද දක්ෂතා පිළිබඳව සැකිල්ලට ගනිමින් ඔහුව ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට කටයුතු කළ ඇති බවයි.