slc
logo
Home   |    News
ඔක්තෝබර් 7, 2024
සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට

sinhala editor

මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි වසර එකහමාරක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ ධුර කාලය අවසන්වීමත් සමඟ ඉකුත් ජූලි මස සිට ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුුහුණුකරු ලෙස  වගකීම භාර ගත්තේය. තමන්ට ලබා දුන් අවස්තාවෙන් උපරිමය පෙන්වීමට ජයසූරිය සමත්වීම නිසා ඔහුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ප්‍රධාන පුහුණු තනතුරේ රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ.

ජසූරියගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව ද්වී පාර්ශ්වික තරගාවලියකින් පළමු වතාවට ජයග්‍රහනය කිරීමට සමත්වීම. එපමණක් නොව වසර 10 කට වඩා කාලයකින් පසු එංලන්තයට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් තරගයක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. එමෙන්ම මීට දින 7 කට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් වුණු නවසීලන්තයට එරෙහි තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියද 2-0 ක් ලෙස ජය අත්කර ගැනීමට ජයසූරියගේ අන්තර්වාස පුහුණු කාල සීමාවේදී හැකියාව ලැබිණ.

මෙම නව තනතුර භාර ගැනීමත් සමඟ ජයසූරිය මෙතෙක් කාලයක් දරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරෙන් ඔහු ඉවත්ව යනු ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටින්නේ අතුරුකාලීන පුහුණුකරු ලෙස කටයුතු කළ ජයසූරිය මහතා ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලිවලදී දක්වන ලද දක්ෂතා පිළිබඳව සැකිල්ලට ගනිමින් ඔහුව ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට කටයුතු කළ ඇති බවයි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee