slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2024
හලාවත මේරියන්ස් කාන්තා පිලට ලකුණු 164ක දැවැන්ත ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජය පරාජය කළ හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 164ක දැවැන්ත ජයක් වාර්තා කළහ. හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (23) නිමාවූ මෙම තරගයේ  කාසියේ වාසිය හලාවත මෙිරියන්ස් කාන්තා පිල දිනා මුලින් පන්දුවට පහරදුන් අතර, කවීෂා දිල්හාරි හා සුමුඳු නිසංසලා අර්ධ ශතක රැස් කළහ.

හලාවත මෙිරියන්ස් කාන්තා පිල ලකුණු 224  (ඕවර් 30)

සංජනා කාවින්දි 25, කවීෂා දිල්හාරි 53, මනුදි නානායක්කාර 36, සුමුඳු නිසංසලා 60, සචිනි නිසංසලා 16, අතිරේක 23 (චේතනා විමුක්ති 40/3, රශ්මිකා සෙව්වන්දි 41/4)

පානදුර ක්‍රීඩා සමාජ කාන්තා පිල ලකුණු 55 (ඕවර් 17.4)

රිෂ්මි සංජනා 8, අතිරේක 15 ( දෙව්මි විහංගා 16/4, සචිනි නිසංසලා 9/3)

යුද හමුදා කාන්තා පිලට කඩුලු 7ක ජයක්

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කුරුණෑගල තරුණ කාන්තා ක්‍රිකට් පිල පරදා කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට යුද හමුදා කාන්තා පිල සමත් විය.

කුරුණෑගල තරුණ කාන්තා ක්‍රිකට් පිල ලකුණු 62 (ඕවර් 41.4)

ධරණි දිසානායක 19, අතිරේක 18 ( රන්දලී ප්‍රේමරත්න 7/2, නිලූකා කුෂාන්ති 10/4)

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල කඩුලු 3කට ලකුණු 67 (ඕවර් 18.1)

අනිෂ්කා සංජීවනී 11, ඉමල්කා මෙන්ඩිස් 26, නෙත්මි පූර්ණා 16, අතිරේක 5 ( ධනුලි තෙන්නකෝන් 16/3)

නාවික හමුදා කාන්තා පිලට කඩුලු 6ක ජයක්

වැලිසර නවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කෝල්ට්ස් කාන්තා පිල පරදා නාවික හමුදා කාන්තා පිල කඩුලු 6ක ජයක් හිමිකර ගත්තේය.

කෝල්ට්ස් කාන්තා පිල ලකුණු 57 (ඕවර් 25.5)

උදේනි කුරුප්පුආරච්චි 11, නිලක්ෂා කාවින්ද්‍යා 14, අතිරේක 10 (සත්‍යා සංදීපනී 14/2, ඉනෝකා රණවීර 17/3, රශමි සිල්වා 4/2)

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ කාන්තා පිල කඩුලු 4කට ලකුණු 58 (ඕවර් 14.1)

හසිනි පෙරේරා 15, ප්‍රසාදිනී වීරක්කොඩි 15, හංසිමා කරුණාරත්න නොදැවී 16, අතිරේක 9 ( චමරි ලක්ෂාණි 21/2)

ගුවන් හමුදාවට කඩුලු 6ක ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගුවන් හමුදාවට කඩුලු 6ක ජයක් හිමි විය.

එන්සීසී කාන්තා ක්‍රිකට් පිල කඩුලු 7කට ලකුණු 112 (ඕවර් 50)

හර්ෂණී විජේරත්න 16, චුෂාදි කෞෂල්‍යා 27, ගීත්මා මයන්ති 21, ෂෂානි අයේෂිකා පෙරේරා නොදැවී 13, අතිරේක 17 ( ඉනෝෂි ප්‍රනාන්දු 22/2, චමරි පොල්ගම්පොල 10/3)

ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 4කට ලකුණු 116 (ඕවර් 33)

චමරි පොල්ගම්පොල 17, චාරුණී ගුණවර්ධන 28, දිලිනි මනෝදරා නොදැවී 16, අමා කාංචනා නොදැවී 24 ( විශ්මි සොයිසා 23/2)

මේ අතර බීආර්සී පිටියේ පැවැති ටැමිල් යූනියන් කාන්තා ක්‍රිකට් පිල හා බීආර්සී කාන්තා පිල අතර බීආර්සී පිටියේ පැවැත්වීමට නියමිතවූ තරගයේ එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමිමට තරග විනිසුරුවෝ තීරණය කළහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee