slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2024
හොංකොං Sixes යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය ළහිරු මදුශංකට

sinhala editor

හොංකොං දේශයේ පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායමේ නායකයා ලෙස ළහිරු මදුශංකව පත් කර තිබේ. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මධුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 4 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට ක්‍රීඩා කර තිබේ.

ළහිරු මදුශංකව 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබුණද, ඊට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී බෙල්ලේ ආබාධයකට ගොදුරු වීම නිසා ඔහුට එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට තිබූ පහසුම අවස්ථාව මඟ හැරිණ.

32 වියේ පසුවෙන මදුශංකට අමතරව නම් කර ඇති සෙසු සාමාජිකයින් 6 දෙනාම තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. ඒ අතරින් සඳුන් වීරක්කොඩි කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරනු ඇත. කණ්ඩායමට ඇතුළත් 7 දෙනාගෙන් පස් දෙනෙකුම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින හෝ විස්සයි-20 තරගයකට හෝ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෝවෙති.

ජාතික කණ්ඩායම නියෝජනය කොට නොමැති ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ තරිඳු රත්නායක සහ තනුක දාබරේයි. දේශීය පළමු පෙළ විස්සයි-20 තරග 61 කට ක්‍රීඩා කර ඇති තරිඳු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 68 ක් වන අතර පිත්තෙන් ලකුණු 1352 ක් වාර්තා කිරීමට සමත්ව සිටියි. අනෙක් ක්‍රීඩකයා වන තනුක දාබරේ දේශීය විස්සයි-20 තරග පිටියේ තරග 33 කට ක්‍රීඩා කොට කඩුලු 15 ක් සහ ලකුණු 661 ක් රැස් කරගෙන තිබේ.

කණ්ඩායමට ඇතුළත්ව සිටින ධනංජය ලක්ෂාන් සහ සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 කටද ළහිරු සමරකෝන් සහ නිමේෂ් විමුක්ති එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට බැගින්ද ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෝ වෙති.

ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය නොවැම්බර් මස 01 වැනිදා සිට 03 වැනිදා දක්වා හොංකොං දේශීයේ පැවැත්වේ.

ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම – ළහිරු මදුශංක (නායක), ළහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක, තනුක දාබරේ.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee