slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2024
ක්‍රිකට් තරග නිලධාරීහු ප්‍රවීණ විනිසුරු සයිමන් ටෝෆල්‍ගෙන් පුහුණුව ලබති

sinhala editor

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණය තවදුරටත් කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම ශ්‍රේණියේ සිටි ක්‍රිකට් විනිසුරුවරයකු වූ සයිමන් ටෝෆල් මහතා යටතේ පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය. මේ සදහා දේශීය ක්‍රිකට් විනිසුරුවරුන්, තරග තීරකවරුන් සහ විනිසුරු පුහුණුකරුවන් සහභාගිවූහ.

ඉහතින් සඳහන් කළ ආකාරය තරග විනිශ්චය කිරීමේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වුණු මෙම වැඩමුළුව ඉකුත් ඔක්තෝම්බර් 06 වැනිදා සිට 14 වැනිදා දක්වා ආර්. ප්‍රේමදාස ක්‍රීිඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

පස් වතාවක් අන්තර්ජාතික ක්‍රිකට් සම්මාන ප්‍රධානෝත්සවයන්හිදී ලොව හොඳම විනිසුරුවරයා ලෙසින් සම්මාන දිනා ගත් ටෝෆල් මහතා,  විනිසුරුවරුන්, තරග තීරකවරුන් සහ විනිසුරු පුහුණුකරුවන් ගෙන වෙන වෙනම සිය වැඩමුළු පැවැත්වීම කැපී පෙනිණ.

ඒ අනුව මෙහිදී පළමු සහ දෙවැනි ශ්‍රේණිවල විනිසුරුවන් 38 දෙනෙකු වෙනුවෙන් තරග විනිසුරුකරණයේදී අත්‍යාවශ්‍යම කරුණු කීපයක් වන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම, මානසික ශක්තිය පවත්වාගෙන යෑම, පීඩනය තත්ත්වයන් වලදී කටයුතු කළ යුතු ආකාරය සහ ගැටුම් කමනාකරණය වැනි කරුණු සම්බන්ධ කුසලතා පිළිබඳව එම පුහුණු වැඩමුළුව පැවැත්විණ.

ඊට අමතරව තරග තීරකවරුන් 30 දෙනෙකු වෙනුවෙන් විනිසුරුවන් ඇගැයීම, වාර්තා ලිවීම, පුද්ගලයින් කලමනාකරණය කිරීම සහ තීරණාත්මක සිදුවීම්වලදී එය හැසිරවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මග පෙන්වීමක් සිදුකරනු ලැබීය.

පුහුණු සැසි සැලසුම් කිරීම, ඵලදායී පුහුණු පරිසරියක් සැකසීම මෙන්ම විවිධ ඉගැන්වමේ විලාෂයන් අනුගමනය කිරීම සඳහා විනිසුරු පුහුණුකරුවන්ව මෙහිදී ටෝෆල් මහතාගේ ගුරුහරු කම් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ථ ප්‍රමිතිය ඉහළ නැංවීමේ අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සිදුකරනු ලබන පුළුල් මෙහෙයුමේ කොටසක් ලෙසින් මෙම මුල පිරිම සිදුකරනු ලැබීය. මෙම ගින් ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම පාර්ශ්වකරුවන් තම භූමිකාවන්හි ඉහළම මට්ටමට පැමිණ නිපුණතා අත්කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ඉහළ තලයකට රැගෙන යමින් කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි අපේක්ෂාව වී තිිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee