slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2024
කොදෙව්වෝ පන්දුවට පහර දෙති

sinhala editor

තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීමට අවසන් මහ තරගයක අසිරිය ගනිමින් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් සමත්විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව එකම වෙනස් කමක් හෝ නොකරමින් අවතීර්ණ වද්දී කොදෙව් කණ්ඩායම වෙනස් කම් දෙකක් හෙවත් දෙවැනි තරගයේදී කඩුලු රැකි ඇන්ඩෘ ෆ්ලචෙර් වෙනුවට ෂායි හෝප් ද ෂෙවෝන් ස්ප්‍රෙංගර් වෙනුවට දඟ පන්දු යවන ෆේබියන් කැඳවමින් තරගයට අවතීර්ණ ව සිටියි.

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ මේ වන විට දෙපිළම තරග 1 බැගින් ජයග්‍රහණය කර සිටින බැවින් අද තරගය ජය ගනු ලබන කණ්ඩායම තරගාවලියේ ශූරයින් බවට පත්වනු ඇත. මෙම තරගාවලියට විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී කොදෙව් කණ්ඩායම තෙවැනි ස්ථානයේ සිටද ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිට ද අවතීර්ණ වූහ.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මේන්ඩිස්, 3. කුසල් පෙරේරා, 4. කමිදු මෙන්ඩිස්, 5. චරිත් අසලංක (නායක), 6. භානුක රාජපක්ෂ, 7. වනිඳු හසරංග, 8. දුනිත් වෙල්ලාලගේ, 9. මහීෂ් තීක්ෂණ, 10. මතීෂ පතිරණ, 11. නුවන් තුෂාර.

බටහිර ඉන්දීය කොදෙව් – 1. එවින් ලුවිස්, 2. බ්‍රෙන්ඩන් කිං, 3. ෂායි හෝප්, 4. රොස්ටන් චේස්, 5. ෂර්ෆන් රදර්ෆර්ඩ්, 6. රොව්මන් පවෙල් (නායක), 7. රොමාරියෝ ජෝෂප්, 8. ෆේබියන් ඇලන්, 9. ගුඩාකේෂ් මොති, 10. අල්සාරි ජෝෂප්, 11. ශමාර් ජෝෂප්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee