slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2024
ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් සටන් නිර්මාණය වන මෙම තරගාවලිය වෙනුවෙන් අයිසීසීය වෙන්කොට ඇති සම්පූර්ණ තෑගි මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7. 958කි.

තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, ‘ඒ‘ කාණ්ඩයට වත්මන් ශූර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්තානය හා ශ්‍රී ලංකාව ඇතුලත් වේ. ‘බී‘ කාණ්ඩයෙන් බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් එක්ව සිටිති.

‘ඒ‘ හා ‘බී‘කාණ්ඩ දෙකේ පළමු හා දෙවැනි කණ්ඩායම් හතර අවසන් පූර්ව තරගවලට මේ මස 17 හා 18 දිනවලදී මුහුණ දෙන අතර, එයින් ජය ගන්නා කණ්ඩායම් දෙක 20 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට එක්වෙති.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 3.30ට බංග්ලාදේශය හා ස්කොට්ලන්තය අතර, දෙවැනි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 7.30ට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාජා පිටියේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වන මූලික වටයේ දෙවැනි තරගය මේ 5 වැනිදා පස්වරු 3.30ට ඔස්ට්‍රේලියාව සමඟ සාජා පිටියේදී, කෙවැනි තරගය මේ 9දා පස්වරු 7.30ට ඉන්දියාව සමඟ ඩුබායි පිටියේදී හා සිව්වැනි තරගය මේ 12 වැනිදා පස්වරු 3.30ට නවසීලන්තය සමඟ සාජා පිටියේදී පැවැත්වේ.

චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල ආසියානු කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන හෙයින් විශාල බලාපොරොත්තුවක් ගොඩනැගී ඇත. ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙතින් පරාජය වූ ඉන්දියාව හා පාකිස්තානය මූලික වටයේදී හමුවන හෙයින් ශ්‍රී ලංකා පිල කෙරෙහි අවධානය වැඩිවී ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කාන්තා විස්සයි20 තරග ප්‍රතිඵල අනුව සමබර දක්ෂතා පෙන්වා ඇතත්, අවසන් වරට දෙරට අතර පැවැති තරග තුනකදීම පිට පිට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කොට ඇත. ඉතිහාසය පුරා
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කාන්තා විස්සයි20 තරග 20ක් පවත්වා ඇති අතර, එයින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ 9ක් හා පාකිස්තානය ජයග්‍රහණ 10ක් වාර්තා කොට ඇත. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පැවැසූවේ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට හොඳ සමබර කණ්ඩායමක් සිටින හෙයින් විශාල බලාපොරොත්තු සහිතව තරගාවලියට එක්ව සිටින බවය. ශ්‍රී ලංකා පිලේ සියලුම ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති පළපුරුදු ක්‍රීඩිකාවන්වීම මානසික ශක්තිය උසස් තත්ත්වයකට පත්වීමට ප්‍රධාන හේතුවක්වී තිබේ.

මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2340000ක් මුදල් තෑග්ගක් හිමිවන අතර, අනුශූරතාවට අමෙරිකානු ඩොලර් 1170000ක්, අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 4ට අමෙරිකානු ඩොලර් 675000ක් ප්‍රදානය කෙරේ.

5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් 270000 බැගින් හා 9 වැනි 10 වැනි ස්ථානවලට අමෙරිකානු ඩොලර් 135000 බැගින් හිමි වේ. ජයග්‍රහණය ලබන සෑම තරගයකදීම අමෙරිකානු ඩොලර් 31154 බැගින් මුදල් තෑගි මෙවර ලෝක කුසලානයේදී පිරිනැමේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee