slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2024
වර්ෂාව නිසා ප්‍රමාදවුණු තරගය 4.30 ට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (23 දා) පල්ලේකැලේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය. තරග ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා ඇතිවීම ඊට හේතු විය.

මෙම තත්ත්වය මත ක්‍රීඩාංගණ නිලධාරීන්ට මුලු ක්‍රීඩාංගණයම වැසි ආවරණ වලින් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිිය. කෙසේ වෙතත් තරගය නැවතත් ප.ව. 4.30 ට ආරම්භ කිරීමට විනිසුරුවරුන් තීරණය කර ඇතත් සමස්ථ තරගයේ පන්දුවාර සංඛ්‍යාව 50 තරගයක් නොව පන්දුවාර 44 ක තරගයක් ලෙසින් පැවැත්වීමට තීරණය වී තිබේ.

ප.ව. 1.30 ට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය යළිත් වසා තැබීමට ක්‍රීඩාංගණය සේවකයින්ට සිදුවිය. ඒ අනුව නව තරග වේලාවට අනුව කාසියේ වාසිය ප.ව. 4.15 ට උරගා බැලීමට නියමිතව තිබේ.

තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටින හෙයින් අද තරගය ජය ලැබුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee