slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ජය ලබයි

sinhala editor

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.

ඕමාන්හි අල් අම්රට් ක්‍රීඩාංගණයේ නිමාවට පත්වුණු මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කන්ඩායම කඩුලු 5 කට ලකුණු 178 ක් රැස් කරගත් අතර ඊට පිළිතුරු ලෙසින් හොංකොං කණ්ඩායම කඩුලු 7 ක් දැවී රැස් කර ගන්නා ලද්දේ ලකුණු 136 ක් පමණි. මෙම ජයග්‍රහණය මෙවර තරග වාරයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලද පළමු තරග ජයග්‍රහණය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යශෝධ ලංකා ලකුණු 56 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව නායක නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 25 ක්, පවන් රත්නායක ලකුණු 23 ක් වශයෙන් ලකුණු ලබද්දී සහන් ආරච්චිගේ (23*) සහ රමේෂ් මෙන්ඩිස් (24*) ලකුණු 20 සීමාව ඉක්මවාලමින් කඩුල්ලේ රැඳී සිටීමට සමත්වූ පිතිකරුවන් බවට පත්වූහ.

පන්දු යැවීමේදී නිපුන් රන්සික ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගනිද්දී එෂාන් මාලිංග ලකුණු 20 කට කඩුලු 2 ක් දවා දස්කම් දැක්වූහ.

තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග කළ නමුත් එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය පත්වූවේය.

ශ්‍රී ලංකා ‘ඒ‘ කන්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 166 යි

යශෝධ ලංකා 56, නුවනිඳු ප්‍රනාන්දු 25, පවන් රත්නායක 23, සහන් ආරච්චිගේ 23*, රමේෂ් මෙන්ඩිස් 24*, අතීක් ඉක්බාල් 26/2

හොංකොං කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 136 යි

සීෂාන් අලී 18, බාබර් හයට් 38, යස්මින් මුර්ටාසා 44, නිපුන් රන්සික 17/3, එෂාන් මාලිංග 20/2

තරගයේ වීරයා – යශෝධ ලංකා

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar