slc
logo
Home   |    News
ඔක්තෝබර් 4, 2024
ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති

sinhala editor

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක ජයක් ලෙසින් පාකිස්තානු පිල සටහන් කරගත් මෙම තරගයේ පරාජයට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ගේ දුර්වල පිතිහරඹය මුල් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පාකිස්තානු පන්දු යවන්නියන් හමුවේ පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 86 ක් පමනි. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු සාදියා ඉක්බාල් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර නායිකා ෆාතිමා සනා, නෂ්රා සන්ධු සහ ඔමයිමා සොහෙල් කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා පරාජයට මුල්වූ පන්දු යවන්නියන් වූහ.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ගැන බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුණද හිදැස පිරවීම වෙනුවෙන් පැමිණි අතිරේක පන්දු යවන්නියක වූ නායිකා ෆාතිමාගේ පන්දුවක් හමුවේ ඇය දැවී යෑම කණගාටුදායක විය. පාකිස්තානු වේග පන්දු යවන ඩයනා බෙග් එක් පන්දුවක් යැවීමෙන් පසු පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය අතර ඇයව ආදේශණයට පැමිනි සානා එම වටිනා කඩුල්ල දවා ගත්තාය. ඇය යවන ලද දෙවැනි පන්දුවේදී ඇය චමරිව දවා ගත්තේ ලකුණු 06 ක් ලබා සිටියදීය.

ආරම්භක පිතිකාරිනිය විශ්මි ගුණරත්න පන්දු 34 කදී ලකුණු 20 ක්ද නිලක්ෂි ද සිල්වා පන්දු 25 කින් ලකුණු 22 ක් රැස් කරමින් ලකුණු 20 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කරන ලද පිතිකාරිණියන් පත්වූහ. සෙසු පිතිකාරිනියන් කිසිවකටත් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට පාකිස්තානු පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුලු 2 ම ලකුණු 17 ක් වන විට ක්‍රීඩා ගාරය වෙත යැවීමට සුගන්දිකා කුමාරි සමත්වූවාය. සිද්‍රා අමින්ගේ කඩුල්ල දවා ගත් චමරි අනතුරුව14 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2 කදී තුබා හසන් සහ ආලියා රියාස් දවා ගනිමින් පාකිස්තානු පිල අසීරුතාවයට ඇද දැමුවාය. ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට යෑමේදී නායිකා ෆාතිමා උදේශිකා ප්‍රෙබා්ධනීගේ පන්දුවක් හමුවේ ලකුණු 30 කට දැවී ගියාය.

පාකිස්තානය පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 116 යි

මුනිබා අලී 11, ගුල් ෆෙරෝස් 02, සිද්‍රා අමීන් 12, ඔමයිමා සොහේල් 18, නිදා දර් 23, තුබා හසන් 05, ෆාතිමා සනා 30, ආලියා රියාස් 00, ඩයනා බෙග් 02, තෂ්රා සන්ධු 06*, සාදියා ඉක්බාල් 02, උදේශිකා ප්‍රෙබා්ධනී 20/3, සුගන්ධිකා කුමාරි 19/3, චමරි අතපත්තු 18/3, කවීෂා දිල්හාරි 16/1

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 85 යි

විශ්මි ගුණරත්න 20, චමරි අතපත්තු 06, හර්ෂිතා සමරවික්‍රම 07, හසිනි පෙරේරා 08, කවීෂා දිල්හාරි 03, නිලක්ණ ද සිල්වා 22, අනුෂ්කා සංජීවනී 05, සචිනි නිසංසලා 03, සුගන්දිකා කුමාරි 00, ඉනෝෂි ප්‍රියදර්ශනී 02*, උදේශිකා ප්‍රෙබා්ධනී 01*, ෆාතිමා සනා 10/2, සාදියා ඉක්බාල් 173, ඔමයිමා සොහේල් 17/2, නෂ්රා සාංධු 15/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee