slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2024
NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා – දඹුල්ල අතර තරගයෙන් ජැෆ්නා පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 16ක ජයක් ලැබූ අතර, කොළඹ – ගෝල් තරගයෙන් ලකුණු 64ක ජයක් කොළඹ දිනා ගත්තේය.

ඒ අනුව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිල (ලකුණු 14) සමත්වූ අතර, දෙවැනි තැනට ජැෆ්නා පිල පත්වී (ලකුණු 9) අවසන් මහා තරගයට පිවිසියේය. ලකුණු 8ක් ගෙන තෙවැනි තැනට ගෝල් පිල පත්වූ අතර, දඹුල්ල ලකුණු 5ක් හා කැන්ඩි ලකුණු 4ක් ලබා සිටියහ.

හම්බන්තොටදී පැවැති තරගයේදී ජැෆ්නා පිලේ හසිත බෝයගොඩ, ළහිරු මධුසංඛ හා දඹුල්ල පිලේ නිශාන් මධුෂ්ක, සොනාල් දිනූෂ හා වනිඳු හසරංග අර්ධ ශතක වාර්තා කළහ.

ජැෆ්නා පිල කඩුලු 9කට ලකුණු 234 (ඕවර් 46)
හසිත බෝයගොඩ 65, නිපුන් කරුණානායක 16, ජනිත් ලියනගේ 39, ළහිරු මධුසංඛ නොදැවී 51, ජෙෆ්රි වැන්ඩර්සේ 15 (කසුන් රාජිත 53/4, වනිඳු හසරංග 25/2, ලක්ෂාන් සඳකැන් 33/3)

දඔුල්ල පිල කඩුලු 8කට ලකුණු 230 (ඕවර් 42)
නිශාන් මධුෂ්ක 56, දිනුර අබේවික්‍රමසිංහ 22, සොනාල් දිනූෂ නොදැවී 56, වනිඳු හසරංග 62 (ඒෂාන් මාලිංග 25/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 58/3)

කොළඹ – ගෝල්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගෝල් පිලට ඕවර් 50කදී ලකුණු 172ක ඉලක්කයක් එල්ල වුවද එය සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය.

කොළඹ පිල සියලු දෙනා දැවී ලකුණු 171 (ඕවර් 40)
නිපුන් ධනංජය 16, නුවනිඳු ප්‍රනාන්දු 35, දසුන් ශානක 17, විශාද් රන්දික 36, කවිඳු නදීෂාන් 20, අතිරේක 20 (ළහිරු සමරකෝන් 34/2, දුනිත් වෙල්ලාලගේ 25/2, මුදිත ලක්ෂාන් 19/4)

ගෝල් පිල සියලු දෙනා දැවී ලකුණු 107 (ඕවර් 27.2)
සධීර සමරවික්‍රම 12, රමේෂ් මෙන්ඩිස් 45 (ප්‍රමෝද් මධුෂාන් 23/2, චමිඳ වික්‍රමසිංහ 7/2, දිලුම් සුධීර 25/3)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee