slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2024
NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා – දඹුල්ල අතර තරගයෙන් ජැෆ්නා පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 16ක ජයක් ලැබූ අතර, කොළඹ – ගෝල් තරගයෙන් ලකුණු 64ක ජයක් කොළඹ දිනා ගත්තේය.

ඒ අනුව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිල (ලකුණු 14) සමත්වූ අතර, දෙවැනි තැනට ජැෆ්නා පිල පත්වී (ලකුණු 9) අවසන් මහා තරගයට පිවිසියේය. ලකුණු 8ක් ගෙන තෙවැනි තැනට ගෝල් පිල පත්වූ අතර, දඹුල්ල ලකුණු 5ක් හා කැන්ඩි ලකුණු 4ක් ලබා සිටියහ.

හම්බන්තොටදී පැවැති තරගයේදී ජැෆ්නා පිලේ හසිත බෝයගොඩ, ළහිරු මධුසංඛ හා දඹුල්ල පිලේ නිශාන් මධුෂ්ක, සොනාල් දිනූෂ හා වනිඳු හසරංග අර්ධ ශතක වාර්තා කළහ.

ජැෆ්නා පිල කඩුලු 9කට ලකුණු 234 (ඕවර් 46)
හසිත බෝයගොඩ 65, නිපුන් කරුණානායක 16, ජනිත් ලියනගේ 39, ළහිරු මධුසංඛ නොදැවී 51, ජෙෆ්රි වැන්ඩර්සේ 15 (කසුන් රාජිත 53/4, වනිඳු හසරංග 25/2, ලක්ෂාන් සඳකැන් 33/3)

දඔුල්ල පිල කඩුලු 8කට ලකුණු 230 (ඕවර් 42)
නිශාන් මධුෂ්ක 56, දිනුර අබේවික්‍රමසිංහ 22, සොනාල් දිනූෂ නොදැවී 56, වනිඳු හසරංග 62 (ඒෂාන් මාලිංග 25/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 58/3)

කොළඹ – ගෝල්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගෝල් පිලට ඕවර් 50කදී ලකුණු 172ක ඉලක්කයක් එල්ල වුවද එය සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය.

කොළඹ පිල සියලු දෙනා දැවී ලකුණු 171 (ඕවර් 40)
නිපුන් ධනංජය 16, නුවනිඳු ප්‍රනාන්දු 35, දසුන් ශානක 17, විශාද් රන්දික 36, කවිඳු නදීෂාන් 20, අතිරේක 20 (ළහිරු සමරකෝන් 34/2, දුනිත් වෙල්ලාලගේ 25/2, මුදිත ලක්ෂාන් 19/4)

ගෝල් පිල සියලු දෙනා දැවී ලකුණු 107 (ඕවර් 27.2)
සධීර සමරවික්‍රම 12, රමේෂ් මෙන්ඩිස් 45 (ප්‍රමෝද් මධුෂාන් 23/2, චමිඳ වික්‍රමසිංහ 7/2, දිලුම් සුධීර 25/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee