එක්සත් ආරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙසින් විහස් තෙව්මිකව පත් කර තිබේ.
කොළඹ තර්ස්ටන් විදුහල නියෝජනය කරනු ලබන විහස් ගෙවී ගිය වසර 2 ක කාලය පුරාවටම වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළේය. ඔහුගේ සහායකයා ලෙස ශාන්ත බෙනඩික්ට් විදුහලේ සරුජන් ශන්මුගනාතන්ව නම් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.
මේ අතර නම් කරන ලද කණ්ඩායමට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළත්වීඹ කැපී පෙනෛයි. යාපනය ශාන්ත ජෝන් විදුහලේ කේ. මාතුලන් සහ ජැෆ්නා මැදි මහ විදුහලේ ආර්. නිවුටන් එම ක්‍රීඩකයෝ දෙදෙනා වෙති.
මෙවර යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග වදිනු ලබන අතර බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය පළමු වටයේ ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය නොවැම්බර් මස 29 වැනිදා නේපාල කණ්ඩායමට එරෙහිව සාජාහිදී තරග වැදීමට නියමිතය.
ක්‍රීඩකයාගේ නම | පාසල |
පුළිඳු පෙරේරා | ධර්මරාජ විදුහල – මහනුවර |
තනූජ රාජපක්ෂ | තර්ස්ටන් විදුහල – කොළඹ |
දුල්නිත් සිගේරා | මහානාම විදුහල – කොළඹ |
ශාරුජන් ශන්මුගනාතන් (උප නායක) | ශාන්ත බෙනඩික්ට් විදුහල – කොටහේන |
කවීජ ගමගේ | කිංග්ස්වුඩ් විදුහල – මහනුවර |
විරාන් චමුදිත | ශාන්ත සර්වේෂස් විදුහල – මාතර |
රමිරු පෙරේරා | රාජකීය විදුහල – කොළඹ |
ලක්වින් අබේසිංහ | ධර්මරාජ විදුහල – මහනුවර |
විමත් දින්සර | රාජකීය විදුහල – කොළඹ |
ප්‍රවීන් මනීෂ | ලුම්බිණි විදුහල – කොළඹ |
යෙනුල දෙව්තුස | ශාන්ත ජෝසප් විදුහල – මරදාන |
විහස් තෙව්මික (නායක) | තර්ස්ටන් විදුහල – කොළඹ |
ගීතික ද සිල්වා | ශාන්ත ආනා විදුහල – කුරුණෑගල |
කේ. මාතුලන් | ශාන්ත ජෝන්ස් විදුහල – යාපනය |
ආර්. නිව්ටන් | යාපනය මැදි මහ විදුහල – යාපනය |