slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2024
කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට තෙවැනි ජය ලබති

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩ තෙවැනි ජය වාර්තා කිරීමට කොළඹ දකුණ ක්‍රීඩකයෝ අද සමත් වූහ.

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ දකුණ පිල හා මහනුවර පිල අතර පැවැති තරගයේදී කොළඹ දකුණ පිල ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ලකුණු 117ක ජයක් වාර්තා කරමින් අපරාජිතව ඉදිරියට පැමිණියේය.

කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණ පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයෝ අයහපත් කළගුණික තත්ත්වය හමුවේ තරගය නතරකරන විට කඩුලු 8ක් දැවී ලකුණු 66ක් ලබා සිටියහ. මිතුම් ප්‍රනාන්දු මහනුවර පිලේ කඩුලු 5ක් ලකුණු 13කට බිඳහෙලීමට සමත් වූ අතර, දු‍ෂේන් උඩුවල ලකුණු 17කට කඩුලු 2ක් බිඳහෙලීය.

කොළඹ දකුණ පිල වෙනුවෙන් පළමු කඩුල්ලට දු‍ෂේන් උඩුවල හා නිසල දමිත් පන්දු 78කදී ලකුණු 57ක සබඳතාවක් ගොඩනැඟූ අතර, 7 වැනි කඩුල්ලට මෙතුක ගුණරත්න හා තාරුක සමන්ජිත පන්දු 56කදී නොබිඳුණු ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගූහ.

කොළඹ දකුණ පිල කඩුලු 6කට ලකුණු 204 (ඕවර් 45)
දු‍ෂේන් උඩුවල 19, නිසල දමිත් 44, රෙෂාන් සොලමන් 35, මෙතුක ගුණරත්න නොදැවී 67, තාරුක සමන්ජිත නොදැවී 12, අති‍රේක 18 (සචිත ගුණසේකර 25/1, විහංග නෙතුසර 39/2, කුසල් බණ්ඩාර 42/2, චනුත් ජයසිංහාරච්චිගේ 38/1 )

මහනුවර පිල කඩුලු 8කට ලකුණු 66 (ඕවර් 38.1)
චනුත් ජයසිංහාරච්චි 23, සිසිල් හේමක නොදචැවී 10, අති‍රේක 8 (මිතුම් ප්‍රනාන්දු 13/5, දු‍ෂේන් උඩුවල 17/2)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee