slc
logo
Home   |    News
නොවැම්බර් 11, 2024
 කෝල්ට්ස් පිළ ලකුණු 145 කින් බී.ආර්.සී. පරදවයි

sinhala editor

 කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මෙම කාන්තා අන්තර් සමාජ තරගාවලියේ කෝල්ට්ස් – බී.ආර්.සී. තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් කෝල්ට්ස් පන්දුවාර 44.2කදී සියල්ල දැවී රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙස බී.ආර්.සී. පන්දුවාර 37.5කදී සියලු පිතිකාරිණියන් දැවී රැස් කළේ ලකුණු 67ක් පමණකි.

 කෝල්ට්ස් වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු ආරම්භක පිතිකාරිණිය චමෝදි දේවින්ද්‍යා පන්දු 61කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 33ක් ද අංක තුන පිතිකාරිණිය නිලක්ෂිකා කාවින්ද්‍යා පන්දු 48කදී හතරේ පහර හතරක් සමඟ ලකුණු 34ක් ද අංක හතර පිතිකාරිණිය උදේනි කුරුප්පුආරච්චි පන්දු 44කදී හතරේ පහරක් සමඟ ලකුණු 33ක් ද අංක පහ පිතිකාරිණිය දුලංගා දිසානායක පන්දු 33කදී හතරේ තුනක් සමඟ ලකුණු 35ක් ද රැස් කළහ.

 කෝල්ට්ස් දෙවන කඩුල්ලට චමෝදි දේවින්ද්‍යා සහ නිලක්ෂිකා කාවින්ද්‍යා ලකුණු 67ක සබඳතාවයක් ද සිව්වන කඩුල්ලට උදේනි කුරුප්පුආරච්චි සහ දුලංගනී දිසානායක ලකුණු 66ක සබඳතාවයක් ද තබා ගැනීමට සමත් වුහ.

 බී. ආර්.සී. වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු වනීෂා රුද්‍රිගෝ කඩුලු හයක්ම බිඳ දැමුවේ ලකුණු 39ක් පමණක් ලබා දෙමිනි.

 ලකුණු විස්තරය

 කෝල්ට්ස් පන්දුවාර 44.2කදී සියල්ල දැවී 212යි – (දුලංගා දිසානායක 35, නිලක්ෂි කාවින්ද්‍යා 34, චමෝදි දේවින්ද්‍යා 33, උදේනි කුරුප්පුආරච්චි 33, කෞශල්‍යා ජයවර්ධන 18, ජනකාන්ති මාලා 11, වනීෂා රුද්‍රිගෝ 39/6, උමයංගනා පීරිස් 37/2)

 බී.ආර්.සී. පන්දුවාර 37.5කදී සියල්ල දැවී 67යි  – (වනීෂා රුද්‍රිගෝ 13, උමයංගනා පීරිස් 07, ජනුකි එදිරිසිංහ 07, නෙත්මි සංජානා 13/2, සඳලි සෙනාරා 13/1, ජනකාන්ති මාලා 6/1යි)

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee