slc
logo
Home   |    News
නොවැම්බර් 4, 2024
නාවික හමුදාවෙන් අර්ධ ශතක 3 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක ජයක් අත්කර ගත් අතර එහිදී නාවික හමුදා පිතිකාරිණියන් තිදෙනකුම අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම කැපී පෙනිණ.

 අර්ධ ශතක රැස් කළ නාවික හමුදා පිතිකාරිණියන් වුයේ ලකුණු 86ක් රැස් කළ ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 59ක් රැස් කළ හසිනි පෙරේරා  සහ ලකුණු 51ක් රැස් කළ හර්ෂිතා මාධවී සමරවික්‍රමය.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත් වු එන්.සී.සී. සහ ගෝල් අතර තරගයෙන් එන්.සී.සී.ට කඩුලු නවයක ජයක් අත් වු අතර එහිදී දක්ෂතා දැක් වු එන්.සී.සී. ආරම්භක පිතිකාරිණිය හර්ෂිනි විජේරත්න නොදැවී ලකුණු 34ක්  රැස්කර පිත්තෙන් දස්කම් දැක් වු අතර ඇය පන්දු යැවීමේ දී ද ලකුණු හයකට කඩුලු දෙකක් බිඳ දැමුවාය.

 යුද හමුදාව සහ කෝල්ට්ස් අතර තරගයෙන් යුද හමුදාව ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 197ක පහසු ජයක් වාර්තා කළේය. යුද හමුදා පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු නිලක්ෂිකා ද සිල්වා ලකුණු 90ක් ද  ඉමල්කා මෙන්ඩිස් ලකුණු 78ක් ද  දක්ෂතා පෙන්වීය.

 ඒස් කැපිටල් කඩුලු හතරකින් කුරුණෑගල යූත් පරාජය කළ අතර ඒස් කැපිටල් නායිකාව ජනාදි අමාලි ලකුණු 16කට කඩුලු දෙකක් දවා පසුව නොදැවී ලකුණු 28ක් රැස් කළාය.

  • ඒස් කැපිටල් කඩුලු 4කින් කුරුණෑගල යූත් පරාජය කරයි

 කුරුණෑගල යූත් පන්දුවාර 49කදී සියල්ල දැවී 86යි – (ධනෝද්‍යා සෙව්මිණි නොදැවී 27, තරුෂි උත්පලා 09, අෂානි කෞශල්‍යා 08, දෙවගි ජෙගනාදන් 22/4, සුගන්ධිකා පතිරණ 9/2, ජනාදි අමාලි 16/2, යෙසලි ජිතාරා 17/2)

 ඒස් කැපිටල් පන්දුවාර 25.4කදී කඩුලු 6ට 87 – (ජනාදි අමාලි නොදැවී 28, හසිනි ඉන්ද්‍රජිත් 24, වගීෂා ජයවර්ධන 23/3, දනුලි තෙන්නකෝන් 18/2)

  • එන්.සී.සී. කඩුලු 9කින් ගෝල් පරාජය කරයි

 ගෝල් පන්දුවාර 41කදී සියල්ල දැවී 73යි – (දිලානි ආරියපාල 16, මහිංසා නෙත්මිණි 14, කවිතා මෙන්ඩිස් 09, රශ්මි තාරුකා 16/4, හර්ෂනි විජේරත්න 6/2, විශ්මි සොයිසා 13/2)

එන්.සී.සී. පන්දුවාර 14.5කදී කඩුල්ලක් දැවී 74යි – (හර්ෂනි විජේරත්න නොදැවී 34, ඉෂානි සොයිසා 14, චුෂාදි කෞශල්‍යා නොදැවී 13, තාෂන්‍යා ගමගේ 19/1)

  • එස්.එස්.සී. කඩුලු 8කින් බී.ආර්.සී. පරාජය කරයි

 බී.ආර්.සී. පන්දුවාර 42.1කදී සියල්ල දැවී 85යි – (උමයංගනා පීරිස් 26, දෙව්නි ෆර්ඩිනැන්ඩු 12, වතීෂා රුද්‍රිගෝ 06, නෙත්මි නිමාෂා 06, නදීෂා දිල්රුක්ෂි 17/3, නිරාෂා ගිම්හානි 11/3)

එස්.එස්.සී. පන්දුවාර 22.2කදී කඩුලු 2ට 86යි – (අසේනි තලගුණේ නොදැවී 29, හෝප් ද සිල්වා නොදැවී 21, හසිනි විජේසිංහ 11, උමයංගනා පීරිස් 8/1, මිහිඳි ආරච්චි 17/1)

  • නාවික හමුදාව ලකුණු 231කින් ටැමිල් යුනියන් පරාජය කරයි

 නාවික හමුදාව පන්දුවාර 50දී කඩුලු 7ට 294යි – (ප්‍රසාදිනී වීරක්කොඩි 86, හසිනි පෙරේරා 59, හර්ෂිතා සමරවික්‍රම 51, හංසිමා කරුණාරත්න 34, රශ්මි සිල්වා 25, නිමේෂා තාරුණී 51/4, ශාලිනි දසනායක 60/3)

 ටැමිල් යුනියන් පන්දුවාර 30.4දී සියල්ල දැවී 63යි – (ප්‍රියංගිකා වනසිංහ 10, වරුණි සුබසිංහ 09, කාංචනා පෙරේරා 07, රශ්මි සිල්වා 12/4, සත්‍යා සංදීපනී 14/2යි)

  • යුද හමුදාව ලකුණු 197කින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කෝල්ට්ස් පරාජය කරයි

 යුද හමුදාව පන්දුවාර 50දී කඩුලු 7ට 295යි – (නිලක්ෂිකා සිල්වා 90, ඉමල්කා මෙන්ඩිස් 78, අනුෂ්කා සංජීවනී 48, නිලුකා කුෂාන්ති නොදැවී 18, නෙත්මි සේනාරත්න 15, නිලක්ෂි කාවින්ද්‍යා 32/2, හංසිකා නිල්පුනී 36/2)

කෝල්ට්ස් පන්දුවාර 37කදී කඩුලු 8ට 53යි – (දුලංගා දිසානායක 15, චමෝදි දේවින්ද්‍යා 09, නිමාෂා මධුෂානි 3/5, සුගන්ධිකා කුමාරි  9/3යි)

  • චිලව් මේරියන්ස් – සී.සී.සී. තරගයේ අයහපත් කාලගුණය මත විසඳුමක් නෑ

 චිලව් මේරියන්ස් පන්දුවාර 50දී කඩුලු 7ට 263 – (සුමුදු නිසංසලා නොදැවී 84, කාව්‍යා කවිඳි නොදැවී 55, දෙව්මි විහංගා 27, මනුදි නානායක්කාර 27, මල්ෂා මධුෂානි 20, ඉමේෂා දුලානි 18, හිමාෂා පෙරේරා 38/2, ලිම්මි තිලකරත්න 39/2යි)

සී.සී.සී. පන්දුවාර 9.2දී කඩුලු 1ට 31යි (වර්ෂාව මත තරගය නතර කෙරිණි) – (විශ්මි ගුණරත්න නොදැවී 21)

  • ගුවන් හමුදා – පාණදුර තරගය අයහපත් කාලගුණය මත නොපැවැත්විණි

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar