පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙස පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටී.
ඊයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 8ක් බිඳවැටී ලකුණු 293ක් ලබා සිටි අතර, නොදැවී ලකුණු 81ක් ලබා සිටි සොනාල් දිනූෂ තවත් ලකුණු 4ක් එක්කර ගැනීමට සමත් විය. එහෙත් පළමු දිනයේ නොදැවී ලකුණු 38ක් ලබා සිටි ඉසිත විජේසුන්දර පන්දු 41කදී හයේ 3ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 51ක් ලබා අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූවේය. සොනාල් දිනූෂ පන්දු 172කට මුහුණදී හතරේ පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 85ක් ලබා ශ්‍රී ලංකා ඉනිමට කැපී පෙනෙන සේවයක් ඉටු කළේය.
තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමේ අපේක්ෂා බිඳ දැමූ ශ්‍රී ලංකා මැද පෙළ හා පසු පෙළ පිතිකරුවන් අතර, වනුජ සහන් පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 63ක් ලබාගත් අතර, අහන් වික්‍රමසිංහ ලකුණු 30ක් හා දිනුර කළුපහන ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ මුල් කඩුලු 5ක් ලකුණු 35කට දැවී ගොස් තිබියදී පවන් රත්නායක හා සොනාල් දිනූෂ 6 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගූ අතර, පවන් රත්නායක ලකුණු 35කට දැවී ගියේය.
පාකිස්තාන ‘ඒ‘ පිලේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෆාසී පන්දු 108කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 59ක් ලැබූ අතර, මොහොමඩ් සුලේමන් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය. පිත්‍තෙන් දස්කම් දැක්වූ වනුජ සහන් පන්දු යැවීමේදී පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කරමින් ලකුණු 53කට කඩුලු 2ක් බිදහෙලා ගත්හ.
හෙට තරගයේ තෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 310යි (ඕවර් 79)
අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, අතිරේක 14 (කුරාම් ෂෙසාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)
පාකිස්තාන ‘ඒ‘ පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 212යි (ඕවර් 71)
අබ්දුල්ලා ෆාසී 59, අලි සර්යාබ් 32, මොහොමඩ් සුලේමන් 40, හෙයිඩර් අලි 35, හුසේන් ටලාට් නොදැවී 18, අතිරේක 19 (වනුජ සහන් 53/2, චාමික ගුණසේකර 35/1, ඉසිත විජේසුන්දර 37/1, නිපුන් ධනංජය 28/1)