slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2024
මහනුවරට සහ කොළඹ දකුණට පළමු ජය

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2024 තරගාවලියේ පළමු ජයග්‍රහණ අත්කර ගැනීමට මහනුවර සහ කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී මහනුවර පිල ඉදිරියේ ගාල්ල කණ්ඩායම කඩුලු 3කින් පරාජය වූ අතර, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොළඹ දකුණ පිල ලකුණු 5කින් කොළඹ උතුර පිල පරාජය කළේය.

කොළඹ දකුණ හා කොළඹ උතුර අතර තරගයේදී කොළඹ උතුර මුලින් පන්දුවට පහරදී ලකුණු 141ක් ලබාගත් අතර, කොළඹ දකුණ කඩුලු 6කට ලකුණු 131ක් ලබා ගැනීමටසමත් විය.

ගාල්ල හා මහනුවර තණ්ඩායම් අතර පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් ගාලු ඉනිම ලකුණු 73කට සීමා කළ මහනුවර ක්‍රීඩකයෝ ඕවර 28කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය. මහනුවර පිලේ කුසල් බණ්ඩාර ලකුණු 11කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (22) දඹුල්ල – කොළඹ දකුණ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදීත්, මහනුවර – කොළඹ උතුර වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදීත් තරගවැදීමට නියමිතය.

කොළඹ දකුණට ලකුණු 5 ජයක්

කොළඹ උතුර – 141 (ඕවර 47.4) බිනෝද් සන්දිල් 22, උෂාන් අදිත්‍ය 19, ශෂිඳු සිල්වා 19 (දුෂේන් උඩවල 18/3, මිතුම් ප්‍රනාන්දු 24/2)

කොළඹ දකුණ – 131/6 (ඕවර 46.4) අධීෂ ලක්ෂාන් නොදැවී 33, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, සුබෝධ දෙව්තිළිණ 18 (හිමිර කුඩාගම 15/2, ශම්මා ජොනතන් 28/2, ශනුක ජයවර්ධන 30/2)

මහනුවරට කඩුලු 3ක ජයක්

ගාල්ල – 73 (ඕවර 20.4) තිඔන් හෙලික 25, රවීන් සචින්ත 16 (කුසල් බණ්ඩාර 11/4, චනුල් කොඩිතුවක්කු 22/2)

මහනුවර – 74/7 (ඕවර 28) සනිතු ගුණතිලක 16, යෙනුල හේවාවිතාරණ නොදැවී 15 (සඳරු මල්ෂාන් 15/3, තරුන් වනසිංහ 15/2, තිඔන් හෙලික 17/2)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee