slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2024
මහනුවර – දඹුල්ල තරගය විසඳුමකින් තොරයි

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර – දඹුල්ල අතර තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් විසඳුමකින් තොරව නිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ අද (25) පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 108ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල තරගය නවතා දමද්දී කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටියේය.

දඹුල්ල පිලේ චමෝද් පබසර ලකුණු 17කට කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වූවේය.

මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 108 (ඕවර් 22.5)
චනුල් කොඩිතුවක්කු 33, සනිතු ගුණතිලක 37, සචින්ත ගුණසේකර 10, අති‍රේක 7 (චමෝද් පබසර 17/4, දහම් සෙනවිරත්න 19/1, මහීෂ ඉඳුරංග 13/2, යුමාල් ඒගොඩගේ 24/1)

දඹුල්ල පිල කඩුලු 3ක් දැවී ලකුණු 44 (ඕවර් 13)
අමල් පෙරේරා නොදැවී 16, අතිරේක 12 ( සනිතු ගුණතිලක 6/1, සචින්ත ගුණසේකර 21/2)

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

USD United States (US) dollar