slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2024
යූත් ලීග් ක්‍රිකට් තරගයක් ලකුණු සමවී නිමා වෙයි

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සමවී නිමාවූ පළමු තරගය අද වාර්තා විය.

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර හා ගාල්ල අතර තරගයට වර්ෂාව බාධා කිරීම හේතුවෙන් නවතා දැමීමට විනිසුරුවන්ට සිඳුවූ අතර, යළි තරගය ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් තිබූ හෙයින් ඒ මොහොත වෙද්දී ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව ලකුණු ගණනය කිරීමට සිඳුවිය. එහිදී දෙපිලම සම තත්ත්වයක් ඇති බව නිරීක්ෂණය වූ බැවින් ලකුණු සමවී නිමාවූ තරගයක් ලෙස විනිසුරුවෝ නිල ප්‍රකාශය නිකුත් කළහ. මේ ආකාරයෙන් අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සමවීමක් මෙයට පෙර වාර්තා වී නැත.

කාසියෙ වාසිය දිනාගත් ගාල්ල පිල පන්දු රැකීමට තීරණය කළ හෙයින් ඕවර් 30කට සීමා වූ තරගයේ කොළඹ උතුර පිල කඩුලු 8ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ගාල්ල පිල ඕවර් 24ක් නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 89ක් වාර්තා කර තිබියදී වර්ෂාව ඇඳ හැලුණි.

කොළඹ උතුර පිල කඩුලු 8ක් දැවී ලකුණු 117 (ඕවර් 30)
උෂාන් ආදිත්‍ය 26, කවිත් ද සිල්වා 36, සසින්දු සිල්වා 23, පමද දල්පදාදු නොදැවී 12, අතිරේක 12

ගාල්ල පිල කඩුලු 5ක් දැවී ලකුණු 89 (ඕවර් 24)
චරන චනුපති 30, යොමුරු සස්වින් නොදැවී 18, අතිරේක 15 අතිරේක (ෂානුක් ජයවර්ධන 18/2, සසින්දු සිල්වා 5/1)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee