slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2024
යොවුන් ආසියානු කුසලානෙට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

sinhala editor

එකොළොස් වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන අවු. 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද (27 දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.

කොළඹ තර්ස්ටන් විදුහල්  පිට දඟ පන්දු යවන ක්‍රීඩක විහස් තේව්මිකගේ නායකත්වය යටතේ අද පිටත්ව ගිය කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ.

“ඇත්තටම අපි මේ තරගාවලියට පෙර හොඳ පුහුණුවක් වගේම හොඳ පුහුණු තරග කීපයකටම සහභාගිවුණා. පෞද්ගලිකවම මෙන්ම කණ්ඩායමක් වශයෙන් මේ තරගාවලියට හොද සූදානමකින් සිටිනවා“ යැයි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇති විහස් තෙව්මික පිටත්ව යෑමට ස්වල්ප වේලාවකට පෙර සඳහන් කර සිටියේය.

නොවැම්බර් මස 29 වැනිදා ආරම්භ වන මෙවර තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාවට නේපාලනය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට සිදුවන නමුත් කිසිදු කණ්ඩායමක් අවතක්සේරුවකට ගැනීමේ සූදානමක් නොමැති බවද එම අදහස් දැක්වීමේදී යොවුන් නායකයා සඳහන් කර සිටියේය.

“අපි එක කණ්ඩායමකට කියලා නොවෙයි. තරගයෙන් තරගය අපේ උපරිමයම යොදවලා අවසන් මහ තරගය දක්වා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ“ යැයි තෙව්මික සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා මූලික වටය යටතේ පළමුව මේ මස 29 වැනිදා නේපාල කණ්ඩායම සාජා ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙන අතර දෙවැනි තරගය දෙසැම්බර් 01 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව සහ අවසන් තරගය දෙසැම්බර් 03 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද තරග වැදීමට නියමිතය. එම අවසන් තරග 2 ම ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ඩිල්රුවන් පෙරේරා මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, පෙර වසර වල ක්‍රීඩකයින්ගෙන් මෙන්ම නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත තම කණ්ඩායමට මෙවර තරගාවලියේදී හොද තරගයක් දීමේ ශක්තිය පවතින බව සඳහන් කර සිටියේය.

මෙය දිල්රුවන් මහතා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු වගකීම වන්නේය. “ඔව්. මම යොවුන් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගත්තට පස්සේ සහභාගිවන පළමු තරගාවලිය. මට හොඳ විශ්වාසයක් තියෙනවා අපේ කණ්ඩායම ගැන. තරගයෙන් තරගය සැලසුම් කරලා තරගාවලියේ ශූරතාවය දක්වා යන්න තමයි සැලසුම වෙලා තියෙන්නේ“ යනුවෙන් ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම –

ක්‍රීඩකයාගේ නමපාසල
පුළිඳු පෙරේරාධර්මරාජ විදුහල – මහනුවර
තනූජ රාජපක්ෂතර්ස්ටන් විදුහල – කොළඹ
දුල්නිත් සිගේරාමහානාම විදුහල – කොළඹ
ශාරුජන් ශන්මුගනාතන් (උප නායක)ශාන්ත බෙනඩික්ට් විදුහල – කොටහේන
කවීජ ගමගේකිංග්ස්වුඩ් විදුහල – මහනුවර
විරාන් චමුදිතශාන්ත සර්වේෂස් විදුහල – මාතර
රමිරු පෙරේරාරාජකීය විදුහල – කොළඹ
ලක්වින් අබේසිංහධර්මරාජ විදුහල – මහනුවර
විමත් දින්සරරාජකීය විදුහල – කොළඹ
ප්‍රවීන් මනීෂලුම්බිණි විදුහල – කොළඹ
යෙනුල දෙව්තුසශාන්ත ජෝසප් විදුහල – මරදාන
විහස් තෙව්මික (නායක)තර්ස්ටන් විදුහල – කොළඹ
ගීතික ද සිල්වාශාන්ත ආනා විදුහල – කුරුණෑගල
කේ. මාතුලන්ශාන්ත ජෝන්ස් විදුහල – යාපනය
ආර්. නිව්ටන්යාපනය මැදි මහ විදුහල – යාපනය

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee