slc
logo
Home   |    News
නොවැම්බර් 12, 2024
වනිඳුට ආබාධයක් – දුෂාන් හේමන්ත එක්දින තරගාවලියට කැඳවයි

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්තව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නවසීලන්තයට එරෙහිව ඉකුත් ඉරිදා රාත්‍රියේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය අතරතුරදී ශ්‍රී ලංකා පිලේ පළපුරුද ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම නිසා, දුෂාන් හේමන්තව කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 5 කට ක්‍රීඩා කර ඇති දුෂාන් කඩුලු 2 ක් බිඳ හෙළා තිබේ. දුෂාන් කණ්ඩායමට පැමිණෙන්නේ කණ්ඩායමේ තවත් පා දඟ පන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සිද කණ්ඩායමේ සිටියදී වීම කැපී පෙනෙයි. ඒ අනුව වනිඳු හසරංග නැවත කොළඹ පැමිණ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සිය පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

f

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee