ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නොවැම්බර් 25 වැනිදා පැවැති තරගයේදී පාකිස්තානු ඒ කණ්ඩායම ලකුණු 108 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ සමග තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරකයින්ට හැකියාව ලැබිණ.
රාවල්පිණ්ඩිහි පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් නායක නුවනිඳු ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීම පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 306 ක් රැස් කර ගැනීමට සමත්වූ නමුදු එම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි.
පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් හයිදර් අලී පන්දු 94 කදී ලකුණු 108 ක්ද අබ්දූල් සමාද් පන්දු 63 කදී ලකුණු 56 ක්ද ලබා වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූහ. පන්දු යැවීමේදී චමිඳු වික්‍රමසිංහ සහ ඩිල්ෂාන් මදුශංක කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූෂ සහ සහන් ආරච්චිගේ දෙදෙනා රැස් කරන ලද ලකුණු 59 ක සම්බන්ධතාවය හැර ශ්‍රී ලංකා ඒ ඉනිමේ වාර්තා වුණු සාර්ථක කඩුලු සම්බන්ධතාවක් නොවීය. මෙහිදී සහන් ආරච්චිගේ ලකුණු 35 ක්ද සොනාල් දිනූෂ ලකුණ 38 ක්ද ලබා ගත්තේය.
මේ අතරර ඉනිමේ සාර්ථකම ලකුණු ලාබියා වූ පසු පෙළින් පැමිණි චමිඳු වික්‍රමසිංහ පන්දු 38 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 47 ක් රැස් කර ගැනීමට සමත් විය. එම ඉනි නොවන්නට ශ්‍රී ලංකා ඉනිම මීට වඩා කළින් හමාර වීමට ඉඩ තිබිණ, කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම හමාර වන විට තවත් පන්දු පන්දුවාර 10 කුත් පන්දු 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.
පාකිස්තානු ඒ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 306 යි
(මුහමාද් හුරේයිරා 26, ෂරූන් සිරාජ් 42, හයිදර් අලී 108, අබ්දූල් සමාද් 556, මොහොමඩ් හැරිස් 36, ඩිල්ෂාන් මදුහංක 62/2, චමිඳු වික්‍රමසිංහ 52/2, ඒෂාන් මාලිංග 61/1)
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 39.2 කදී සියලු දෙනා දැවී ලකුණු 198 යි
(සහන් ආරච්චිගේ 35, සොනාල් දිනූෂ 38, චමිඳු වික්‍රමසිංහ 47, මොහොමඩ් ඉම්රාන් 30/2, ශරූන් ශිරාජ් 21/2)