slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල යළි දිවයිනට

sinhala editor

පාකිස්තානය තුළ ඇතිවී තිබෙන අස්ථාවර දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ පාකිස්තානු ඒ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත නිල නොවන එක්දින තරග දෙක කල් දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නතර කර දමා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

දෙපාර්ශ්වය අතර සිදුකරන සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹ තිබේ. දෙපිළ අතර අවසන් එක්දින තරග 2 බදාදා සහ සිකුරාදා යන දිනයන්හිදී රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම තරග දෙක ඉදිරියේදී පැවැත්වෙනු ලැබෙන දින තීරණය කිරීමට ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee