slc
logo
Home   |    News
නොවැම්බර් 1, 2024
හොංකොං සික්සර්ස් ගිය ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් වටයට

sinhala editor

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව හෙට පස්වරු 1.20ට තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව නේපාලයට එරෙහිව තරග බිමට පිවිසේ.

‘ඩී‘  කාණ්ඩයෙන් මූලික වටයේ තරග සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ ගත්තේ ඕමාන කණ්ඩායම කඩුලු 4කින් හා බංග්ලාදේශය ලකුණු 18කින් පරාජයට පත් කරමිණි.

ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 80ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම ඕවර් 4.1කදී කඩුලු 2ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

සඳුන් වීරක්කොඩි පන්දු 7කදී හයේ 4ක් හා හතරේ 1ක් සමඟ ලකුණු 28ක්, තනුක දාබරේ පන්දු 7කදී හයේ 2ක් හා හතරේ 1ක් සමඟ ලකුණු 18ක්, ළහිරු මධුසංඛ පන්දු 5කදී හයේ පහරක් හා හතරේ 2ක් සමඟ නොදැවී ලකුණු 15ක් හා ළහිරු සමරකෝන් පන්දු 6කදී හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 20ක් ලබා  ගත්හ.

ශ්‍රී ලංකාව සහභාගීවූ දෙවන තරගය ලෙස ක්‍රියාත්මක වූයේ බංග්ලාදේශයට එරෙහිවය. එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නියමිත ඕවර් 6දී කඩුලු 3ක් දැවී ලකුණු 107ක් රැස්කළහ.

ළහිරු මධුසංඛ පන්දු 17කදී හයේ 5ක් හා හතරේ 3ක් සමඟ නොදැවී ලකුණු 48ක් ලබාගත් අතර, තනුක දාබරේ පන්දු 12කදී හයේ 2ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 32ක් ලබා ගත්හ.

පිළිතුරු ලෙස බංග්ලාදේශය ඕවර් 6 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස්කළේ ලකුණු 89ක් පමණි. ළහිරු සමරකෝන් ලකුණු 26කට කඩුලු 2ක් බිදචහෙලා ගත්තේය.

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා පැවැත්වීමට නියමිතය. 

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

USD United States (US) dollar