slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2024
පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට විශිෂ්ඨ ජයක්

sinhala editor

වයස අවුරැදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නේපාලනයට එරෙහි තරගයෙන් ලකුණු 55 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ නේපාල නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 233 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි.

පන්දු යැවීමෙන් ප්‍රවීන් මනීෂ කඩුලු 3 ක් දවා ගනිමින් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වද්දී නිව්ටන් රංජිත්කුමාර්, කුගදාස් මාතුන් සහ නායක විහස් තෙව්මික කඩුලු 2 බැගින් බිද හෙළූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දුවට පහර දෙද්දී කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා වූ පුළිඳු පෙරේරා තෙවැනි පන්දුවාරයේදීම දැවී ගිය නමුත්, අනතුරුව පිටියට පිවිසි උප නායක ෂරුජන් ශන්මුගනාදන් නැංගුරම් එලූ ආකාරයෙන් ක්‍රීඩා කරන ලද සුවිශේෂී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 250 ලකුණු සංඛ්‍යාවට පැමිණීමේ මං පෙත් විවෘත විය. එම ඉනිම ප්‍රධාන කොට එම තරගයේ වීරයා සම්මානයෙන් ද ශරුජන් සම්මාන දිනාගත්තේය.

පන්දු 92 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලකුණු 62 ක් ලබා ගනිද්දී ඔහුට එක් වුණු ලක්වින් අබේසිංහ, වේගවත් අර්ධ ශතකයක් රැස් කළේය. එම ඉනිම සඳහා අබේසිංහ හතරේ පහර 3 ක් පමණක් ඇතුළත් කර අතර ඉතිරි ලකුණු ඔහු කඩුලු අතර දිවයමින් රැස් කරන ලද ඒවා විය.

ඉනිමේ මැදින් පැමිණි කවීජ ගමගේ පන්දු 44 කදී රැස් කරන ලද ලකුණු 37 ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට වඩාත් වැදගත් විය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී නේපාල කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් ඉතා ප්‍රබල ආරම්භයක් ලබා දීමට සමත් වූ අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරුවා වූ මයන් යාදව් 30 වැනි පන්දු වාරය තෙක්ම කඩුල්ලේ රැඳි සිටීම ශ්‍රී ලංකාවට හිස රදයක් විය. කෙසේ වෙතත් ප්‍රවීන් මනීෂ විසින් යාදව්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ සියල්ල කණ පිට හැරුණ. ඉතාමත් හොඳින් පන්දු යැවූ මනීෂ තම පන්දුවාර 9 නිමා කරන ලද්දේ ලකුණ් 30 කදී කඩුලු 3 ක් දවා ගනිමිනි.

ශ්‍රී ලංකා යොවුන් කන්ඩායම පන්දුවාර 50 දී සියලු දෙනා දැවී ලකුණු 233 යි – (ශරුජන් ශන්මුගනාදන් 62, විමත් දින්සර 24, ලක්වින් අබේසිංහ 50, කවීජ ගමගේ (නොදැවී) 37, දුල්නිත් සිගේරා 24, සංතෝෂ් යාදව් 45/4, යුවරාජ් කත්‍රී 44/2, නරේන් සෞද් 47/1)

නේපාල යොවුන් කණ්ඩායම පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (මයාන් යාදව් 62, ආකාෂ් ට්‍රිපාටි 19, අර්ජුන් කුමාල් 12, සංතෝෂ් යාදව් 10, නරේන් භටා 12, උට්ටම් මේගර් 17, නරේන් සෞද් 16, ප්‍රවීන් මනීෂ 30/3, විහස් තෙව්මික 51/2, කුගදාස් මාතුලන් 21/2, නිව්ටන් රංජිත්කුමාර් 17/2, විරාන් චමුදිත 23/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee