slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2024
පාකිස්තාන ‘ඒ‘ කඩුලු 5ට ලකුණු 212යි

sinhala editor

පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙස පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටී.

ඊයේ පළමු දිනය නිමාවෙද්දී  ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 8ක් බිඳවැටී ලකුණු 293ක් ලබා සිටි අතර, නොදැවී ලකුණු 81ක් ලබා සිටි සොනාල් දිනූෂ තවත් ලකුණු 4ක් එක්කර ගැනීමට සමත් විය. එහෙත් පළමු දිනයේ නොදැවී ලකුණු 38ක් ලබා සිටි ඉසිත විජේසුන්දර පන්දු 41කදී හයේ 3ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 51ක් ලබා අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූවේය. සොනාල් දිනූෂ පන්දු 172කට මුහුණදී හතරේ පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 85ක් ලබා ශ්‍රී ලංකා ඉනිමට කැපී පෙනෙන සේවයක් ඉටු කළේය.

තරගයේ කාසි‍යේ වාසිය හිමිකර ගත් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමේ අපේක්ෂා බිඳ දැමූ ශ්‍රී ලංකා මැද පෙළ හා පසු පෙළ පිතිකරුවන් අතර, වනුජ සහන් පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 63ක් ලබාගත් අතර, අහන් වික්‍රමසිංහ ලකුණු 30ක් හා දිනුර කළුපහන ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූහ.  ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ මුල් කඩුලු 5ක් ලකුණු 35කට දැවී ගොස් තිබියදී පවන් රත්නායක හා සොනාල් දිනූෂ 6 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගූ අතර, පවන් රත්නායක ලකුණු 35කට දැවී ගියේය.

පාකිස්තාන ‘ඒ‘  පිලේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෆාසී පන්දු 108කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 59ක් ලැබූ අතර, මොහොමඩ් සුලේමන් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය. පිත්‍තෙන් දස්කම් දැක්වූ වනුජ සහන් පන්දු යැවීමේදී පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කරමින් ලකුණු 53කට කඩුලු 2ක් බිදහෙලා ගත්හ.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ‘  පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 310යි (ඕවර් 79)

අහන් වික්‍රමසිංහ 30,  පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, අතිරේක 14 (කුරාම් ෂෙසාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)

පාකිස්තාන ‘ඒ‘ පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 212යි (ඕවර් 71)

අබ්දුල්ලා ෆාසී 59, අලි සර්යාබ් 32, මොහොමඩ් සුලේමන් 40, හෙයිඩර් අලි 35,  හුසේන් ටලාට් නොදැවී 18, අතිරේක 19 (වනුජ සහන් 53/2, චාමික ගුණසේකර 35/1, ඉසිත විජේසුන්දර 37/1, නිපුන් ධනංජය 28/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee