slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2024
මහනුවරට සහ කොළඹ දකුණට පළමු ජය

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2024 තරගාවලියේ පළමු ජයග්‍රහණ අත්කර ගැනීමට මහනුවර සහ කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී මහනුවර පිල ඉදිරියේ ගාල්ල කණ්ඩායම කඩුලු 3කින් පරාජය වූ අතර, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොළඹ දකුණ පිල ලකුණු 5කින් කොළඹ උතුර පිල පරාජය කළේය.

කොළඹ දකුණ හා කොළඹ උතුර අතර තරගයේදී කොළඹ උතුර මුලින් පන්දුවට පහරදී ලකුණු 141ක් ලබාගත් අතර, කොළඹ දකුණ කඩුලු 6කට ලකුණු 131ක් ලබා ගැනීමටසමත් විය.

ගාල්ල හා මහනුවර තණ්ඩායම් අතර පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් ගාලු ඉනිම ලකුණු 73කට සීමා කළ මහනුවර ක්‍රීඩකයෝ ඕවර 28කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 7ක් දැවී තිබියදීය. මහනුවර පිලේ කුසල් බණ්ඩාර ලකුණු 11කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (22) දඹුල්ල – කොළඹ දකුණ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදීත්, මහනුවර – කොළඹ උතුර වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදීත් තරගවැදීමට නියමිතය.

කොළඹ දකුණට ලකුණු 5 ජයක්

කොළඹ උතුර – 141 (ඕවර 47.4) බිනෝද් සන්දිල් 22, උෂාන් අදිත්‍ය 19, ශෂිඳු සිල්වා 19 (දුෂේන් උඩවල 18/3, මිතුම් ප්‍රනාන්දු 24/2)

කොළඹ දකුණ – 131/6 (ඕවර 46.4) අධීෂ ලක්ෂාන් නොදැවී 33, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, සුබෝධ දෙව්තිළිණ 18 (හිමිර කුඩාගම 15/2, ශම්මා ජොනතන් 28/2, ශනුක ජයවර්ධන 30/2)

මහනුවරට කඩුලු 3ක ජයක්

ගාල්ල – 73 (ඕවර 20.4) තිඔන් හෙලික 25, රවීන් සචින්ත 16 (කුසල් බණ්ඩාර 11/4, චනුල් කොඩිතුවක්කු 22/2)

මහනුවර – 74/7 (ඕවර 28) සනිතු ගුණතිලක 16, යෙනුල හේවාවිතාරණ නොදැවී 15 (සඳරු මල්ෂාන් 15/3, තරුන් වනසිංහ 15/2, තිඔන් හෙලික 17/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee