slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2024
යූත් ලීග් ක්‍රිකට් තරගයක් ලකුණු සමවී නිමා වෙයි

sinhala editor

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සමවී නිමාවූ පළමු තරගය අද වාර්තා විය.

කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර හා ගාල්ල අතර තරගයට වර්ෂාව බාධා කිරීම හේතුවෙන් නවතා දැමීමට විනිසුරුවන්ට සිඳුවූ අතර, යළි තරගය ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් තිබූ හෙයින් ඒ මොහොත වෙද්දී ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව ලකුණු ගණනය කිරීමට සිඳුවිය. එහිදී දෙපිලම සම තත්ත්වයක් ඇති බව නිරීක්ෂණය වූ බැවින් ලකුණු සමවී නිමාවූ තරගයක් ලෙස විනිසුරුවෝ නිල ප්‍රකාශය නිකුත් කළහ. මේ ආකාරයෙන් අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සමවීමක් මෙයට පෙර වාර්තා වී නැත.

කාසියෙ වාසිය දිනාගත් ගාල්ල පිල පන්දු රැකීමට තීරණය කළ හෙයින් ඕවර් 30කට සීමා වූ තරගයේ කොළඹ උතුර පිල කඩුලු 8ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ගාල්ල පිල ඕවර් 24ක් නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 89ක් වාර්තා කර තිබියදී වර්ෂාව ඇඳ හැලුණි.

කොළඹ උතුර පිල කඩුලු 8ක් දැවී ලකුණු 117 (ඕවර් 30)
උෂාන් ආදිත්‍ය 26, කවිත් ද සිල්වා 36, සසින්දු සිල්වා 23, පමද දල්පදාදු නොදැවී 12, අතිරේක 12

ගාල්ල පිල කඩුලු 5ක් දැවී ලකුණු 89 (ඕවර් 24)
චරන චනුපති 30, යොමුරු සස්වින් නොදැවී 18, අතිරේක 15 අතිරේක (ෂානුක් ජයවර්ධන 18/2, සසින්දු සිල්වා 5/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee