slc
logo
Home   |    News
නොවැම්බර් 12, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ පසුබසිති

sinhala editor

පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කන්ඩායම සහ පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායම අතර ආරම්භ වුණු පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ලකුණු 115 කට නවතාලමින් තරගයේ වැඩි වාසියකින් පෙරමුණ ගැනීමට පාකිස්තානු ඒ ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ අනුව දිනයේ ඉතිරි වරුවේ පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ලකුණු 66 ක් රැස් කර ගන්නා අතරවාරයේදී ඔවුන්ගේ කඩුලු 2 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ඒ පන්දු යවන්නෝ සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා ‘ඒ‘ කන්ඩායම වෙනුවෙන් මැද පෙළ පිතිකරු සොනාල් දිනුෂ (30) ක් වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී නායක පසිඳු සූරියබණ්ඩාර ලලකුණු 29 ක් රැස් කර ගත්තේය. පන්දු යැවීමේදී පාකිස්තානු ‘ඒ‘ පිල වෙනුවෙන් වේග පන්දු වෙන් කැපී පෙනුනු පන්දු යවන්නා බවට පත්වූයේ කෂිෆ් ඇලී වන අතර ඔහු කඩුලු 5 ක් දවා ගත්තේය.

ඔහුට අමතරව අනෙක් ආරම්භක පන්දු යවන්නා වු කුරාම් ෂෙසාඩ් කඩුලු 4 ක් වශයෙන් ශ්‍රී ලංකා ඒ ඉනිමේ දැවි ගිය කඩුලු 10 න් 9 කටම හිමිකම් කිහ. මොවුන් දෙදෙනාගේ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම  පන්දුවාර 33.1 කදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 8 ම ලකුණු 94 ක් ඇතුළත බිද වැටී විටෙක ලකුණු 100 සීමාව ඉක්මවාලීමද අපහසු තත්ත්වයක පසු වද්දී අංක 10 පිතිකරු ස්ථානයෙන් පිවිසි ඉසිත විජේසුන්දර රැස් කරන ලද ලකුණු 13 නිසා එම අවධානමෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ඒ පන්දුවාර 33.1 කදී  ලකුණු 115 යි

නිපුන් ධනංජය 02, ඔෂධ ප්‍රනාන්දු 01, අහන් වික්‍රමසිංහ 02, පසිඳු සූරියබණ්ඩාර 28, පවන් රත්නායක 00, සොනාල් දිනූෂ 30, විෂාද් රන්දික 18, නිසල තාරක 04, වනුජ සහන් 06. ඉසිත විජේසුන්දර 13, විශ්ව ප්‍රනාන්දු 01*, කුරාම් ෂෙසාඩ් 332/4, කෂීෆ් අලී 31/5

පාකිස්තානු ඒ පන්දුවාර 24 කදී කඩුලු 2 ට ලකුණු 66 යි

අබ්දූල් ෆසීහ් 26, මොහොමඩ් හුරේරා 06,  අලී සාර්යුබ් 18*, මොහොමඩ් සුලේමාන් 11*, විශ්ව ප්‍රනාන්දු 14/1, වනුජ සහන් 08/1

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar