මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් බාළිකා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා අවුරැදු 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීම් වගකීම මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරට පැවැරී තිබේ. අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායම නියෝජනය කර ඇති මනුදි තුන් ඉරියව් ක්‍රීඩිකාවකි.
මූලික වටය යටතේදී ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම මැලේසියාව සහ බංග්ලාදේශ යන කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතව සිටියි. මෙම තරග දෙක දෙසැම්බර් මස 15 සහ 16 යන දෙදිනදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 02 වැනිදා මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.
| ක්‍රීඩිකාව | පාසල |
| මනුදි නානායක්කාර | වේල්ස් කුමරි විදුහල – මොරටුව |
| රශ්මිකා සෙව්වන්දි | අරුණ විදුහල – මාතර |
| විමෝක්ෂා බාලසූරිය | සිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය |
| හිරුණි හංසිකා | දේවපතිරාජ විදුහල – රත්ගම |
| සුමුදු නිසංසලා | දේවපතිරාජ විදුහල – රත්ගම |
| දහමි සනුත්මා | අනුලා විද්‍යාලය – නුගේගොඩ |
| රශ්මි නේත්‍රාංජලී | දේවපතිරාජ විදුහල – රත්ගම |
| ශෂිනි ගිම්හානි | දේවපතිරාජ විදුහල – රත්ගම |
| අෂේනි තලගුණේ | මහාමායා බාලිකා විදුහල – මහනුවර |
| ප්‍රමුදි මෙත්සරා | උහන මැදි විදුහල – අම්පාර |
| චමෝදි ප්‍ර බෝධා | මනගොාඩ මහ විදුහල – මොනරාගල |
| සංජනා කාවින්දි | දේවපතිරාජ විදුහල – රත්ගම |
| දෙනුලි තෙන්නකෝන් | මලියදේව බාලිකා විදුහල – කුරුණෑගල |
| ලිමංසා තිලකරත්න | |
| ෂෙහාරා ඉඳුවරී | දේවපතිරාජ විදුහල – රත්ගම |





