slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 8 ට ලකුණු 293 යි

sinhala editor





පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහර දෙන  ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 8ක් දැවී ලකුණු 293ක් ලබා සිටී.  ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ මුල් කඩුලු 5ක් ලකුණු 35කට දැවී ගොස් තිබියදී පවන් රත්නායක හා සොනාල් දිනූෂ 6 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගූ අතර, පවන් රත්නායක ලකුණු 35කට දැවී ගියේය.

තරගයේ කාසි‍යේ වාසිය හිමිකර ගත් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමේ අපේක්ෂා බිඳ දැමූ සොනාල් දිනූෂ පළමු දිනයේ තරගය නතර කරනවිට නොදැවී ලකුණු 81ක් ලබා සිටියේය. පන්දු 169කට මුහුණදුන් සොනාල් දිනූෂ හතරේ පහර 7ක් එල්ල කරමින් කඩුල්ලේ රැදී සිටින අතර, ඉසිත විජේසුන්දර පන්දු 26කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ නොදැවී ලකුණු 38ක් ලබා සිටියේය.

පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී ලකුණු 73ක් ලබාගත් වනුජ සහන් පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 63ක් ලබාගත් අතර, දිනුර කළුපහන ලකුණු 30ක් හා අහන් වික්‍රමසිංහ ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූහ. 

ශ්‍රී ලංකා ඉනිමේ  පළමු කඩුල්ල පළමු ඕවරයේදීම දවාගෙන පීඩනයකට ලක්කළ වේග පන්දු යවන කුරාම් ෂෙසාඩ් ලකුණු 30තට කඩුලු 6ක් බිදහෙලා සිටින අතර, අහමඩ් සාෆි අබ්දුල්ලා ලකුණු 100කට කඩුලු 2ක් බිදහෙලා ගත්තේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ‘  පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 293යි (ඕවර් 75)
අහන් වික්‍රමසිංහ 30,  පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 81, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර නොදැවී 38, අතිරේක 14 (කුරාම් ෂෙසාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee