slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු තරගයෙන් පරදියි

sinhala editor

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නොවැම්බර් 25 වැනිදා පැවැති තරගයේදී පාකිස්තානු ඒ කණ්ඩායම ලකුණු 108 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ සමග තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරකයින්ට හැකියාව ලැබිණ.

රාවල්පිණ්ඩිහි පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් නායක නුවනිඳු ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීම පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 306 ක් රැස් කර ගැනීමට සමත්වූ නමුදු එම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් හයිදර් අලී පන්දු 94 කදී ලකුණු 108 ක්ද අබ්දූල් සමාද් පන්දු 63 කදී ලකුණු 56 ක්ද ලබා වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූහ. පන්දු යැවීමේදී චමිඳු වික්‍රමසිංහ සහ ඩිල්ෂාන් මදුශංක කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූෂ සහ සහන් ආරච්චිගේ දෙදෙනා රැස් කරන ලද ලකුණු 59 ක සම්බන්ධතාවය හැර ශ්‍රී ලංකා ඒ ඉනිමේ වාර්තා වුණු සාර්ථක කඩුලු සම්බන්ධතාවක් නොවීය. මෙහිදී සහන් ආරච්චිගේ ලකුණු 35 ක්ද සොනාල් දිනූෂ ලකුණ 38 ක්ද ලබා ගත්තේය.

මේ අතරර ඉනිමේ සාර්ථකම ලකුණු ලාබියා වූ පසු පෙළින්  පැමිණි චමිඳු වික්‍රමසිංහ පන්දු 38 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 47 ක් රැස් කර ගැනීමට සමත් විය. එම ඉනි නොවන්නට ශ්‍රී ලංකා ඉනිම මීට වඩා කළින් හමාර වීමට ඉඩ තිබිණ, කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම හමාර වන විට තවත් පන්දු  පන්දුවාර 10 කුත් පන්දු 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

පාකිස්තානු ඒ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 306 යි

(මුහමාද් හුරේයිරා 26, ෂරූන් සිරාජ් 42, හයිදර් අලී 108, අබ්දූල් සමාද් 556, මොහොමඩ් හැරිස් 36, ඩිල්ෂාන් මදුහංක 62/2, චමිඳු වික්‍රමසිංහ 52/2, ඒෂාන් මාලිංග 61/1)

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 39.2 කදී සියලු දෙනා දැවී ලකුණු 198 යි

(සහන් ආරච්චිගේ 35, සොනාල් දිනූෂ 38, චමිඳු වික්‍රමසිංහ 47, මොහොමඩ් ඉම්රාන් 30/2, ශරූන් ශිරාජ් 21/2)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee