slc
logo
Home   |    News
දෙසැම්බර් 28, 2024
එස්එස්සී කඩුලු 9කින් පරාජය කළ කුරුණෑගල ක්‍රිකට් පිලට පෙරැළිකාර ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමාවෙද්දී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය විසින් එස්එස්සී පිල කඩුලු 9කින් පරාජය කිරීමට සමත් විය.

එස්එස්සී පිටියේදී පැවැති මෙම තරගයේදී එස්එස්සී පිල පළමු ඉනිමට ලකුණු 89ක් ලබාගත් අතර, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ලකුණු 142කට දැවී ගියේය. එස්එස්සී පිල දෙවැනි ඉනිමට ලකුණු 129ක් ලබාගත් අතර, ජයග්‍රාහී ඉලක්කය කඩුල්ලක් දැවී ලබා ගැනීමට කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෝ සමත් වූහ.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ දිනුෂ්ක මාලන් පළමු ඉනිමේදී ලකුණු 27කට කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු
22කට කඩුලු 5ක් බිඳහෙලා තරගය පුරා කඩුලු 10ක් බිඳ‍හෙලීමට සමත් වූවේය.

එස්එස්සී පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 89 (ඕවර් 35.4)
දිමුත් කරුණාරත්න 24, ලක්ෂිත මානසිංහ 22 ( ළහිරු ජයරත්න 31/3, දිනුෂ්ක මාලන් 27/5)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 142 (ඕවර් 41.5)
ගයාන් මනීෂාන් 39, දිල්හාර පොල්ගම්පොල 15, ළහිරු ජයරත්න 43 ( කසුන් රාජිත 34/2, දසුන් ශානක 36/5, අක්මාල් ෆස්ලි 32/2)

එස්එස්සී පිල දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 129 (ඕවර් 39.5)
ක්‍රිෂාන් සංජුල 46, දසුන් ශානක 29, මනෝජ් සරත්චන්ද්‍ර 17 ( ළහිරු ජයරත්න 32/2, දිනුෂ්ක මාලන් 22/5, අරවින්ද ප්‍රේමරත්න 57/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 77 (ඕවර් 12.5)
ගයාන් මනීෂාන් 43, දිල්හාර පොල්ගම්පොල නොදැවී 25, (අක්මාල් ෆස්ලි 32/1)

මුවර්ස් – බීආර්සී

බීආර්සී පිටියේ පැවැති බීආර්සී – මුවර්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 200ක් ලබාගත් අතර, මුවර්ස් පිල පළමු ඉනිමට ලකුණු 326ක් ලබා ගත්තේය. දෙවැනි දිනය නිමා වෙද්දී බීආර්සී පිල කඩුලු 4කට ලකුණු 90ත් ලබා තවත් ලකුණු 90ක් පසුපසින් සිටී.

මාතර සාන්ත සිල්වෙස්තර් විදුහලෙන් පිටියට පිවිසි වමත් දඟ පන්දු යවන චානුක දිල්ෂාන් බීආර්සී ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඇතුළු පිතිකරුවන් 7ක් ලකුණු 46කට පළමු ඉනි‍ේ දවාගත් අතර, දෙැවැනි ඉනිමේදී මේවන විට ලකුණු 24කට කඩුලු 3ක් ලබා සිටී.

බීආර්සී පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 200 (ඕවර් 56.3)
නවිඳු විතානගේ 19, ඩිල්ෂාන් ද සොයිසා 16, චාමික හීනටිගල 38, දිනුර අබේවික්‍රමසිංහ 23, මුවින් අභිනාෂ් 19, මලින්ද පුෂ්පකුමාර නොදැවී 38, අතිරේක 22 ( චානුක දිල්ෂාන් 46/7, රමේෂ් මෙන්ඩිස් 58/3)

මුවර්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 326 (ඕවර් 93.3)
ලසිත් අබේරත්න 16, සධීර සමරවික්‍රම ‍114, පසිඳු සූරියබණ්ඩාර 41, මිලාන් රත්නායක 26, රමේෂ් මෙන්ඩිස් 57, අතිරේක 19 (චමින්ද බණ්ඩාර 49/2, මුවින් අභිනාෂ් 75/4, මලින්ද පුෂ්පකුමාර 104/3)

බීආර්සී පිල දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 90 (ඕවර් 37)
දිල්ෂාන් ද සිල්වා 41 (චානුක දිල්ෂාන් 24/3)

කැන්ඩි කස්ටම් – එන්සීසී

කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති කැන්ඩි කස්ටම් – එන්සීසී තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිමට ලකුණු 359ක් ලබාගත් අතර, එන්සීසී පි‍ල කඩුලු 7කට ලකුණු 280ක් ලබාගත් හෙයින් තවත් ලකුණු 79ක් පසුපසින් සිටී.

කැන්ඩි කස්ටම් පිල සියලු දෙනා දැවී ලකුණු 359 (ඕවර් 106.5)
තෙවිඳු දික්වැල්ල 23, ෂෙහාන් ප්‍රනාන්දු 56, ඉමේෂ් උදයංග 15, සහන් කෝසල 116, රොස්කේ තාහටිල් 88, අතිරේක 27 ( දුෂ්මන්ත චමීර දුෂ්මන්ත චමීර 56/3, චාමික ගුණසේකර 56/3, අසේල් සිගේරා 45/2)

එන්සීසී පි‍ල කඩුලු 7කට ලකුණු 280 (ඕවර් 106.5)
නිරෝෂන් දික්වැල්ල 31, ළහිරු උදාර 65, කමීල් මිෂාර 51, අහන් වික්‍රමසිංහ 36, සහන් ආරච්චිගේ 53, චාමික කරුණාරත්න 18 ( සහන් අදීෂ 36/2, සචිත්‍ර පෙරේරා 72/3)

ටැමිල් යූනියන් – සීසීසී

පී. සරා පිටියේදී පැවැති ටැමිල් යූනියන් – සීසීසී අතර තරගයේදී ටැමිල් යූනියන් පිල දෙවැනි දිනය නිමාවෙද්දී තවත් ලකුණු 53ක් පසුපසින් සීටී. ටැමිල් යූනියන් පළමු ඉනිමට ලකුණු 177ක් ලබාගත් අතර, සීසීසී පිල පළමු ඉනිමට ලකුණු 380ක් ලබා සිටියේය. අද දෙවැනි දිනය නිමාවෙද්දී ටැමිල් යූනියන් දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා සිටියේය.

ටැමිල් යූනියන් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 177 (ඕවර් 45.5)
තුලින දිල්ෂාන් 30, සිතාර හපුහින්න 34, සචිත ජයතිලක නොදැවී 64, තරිඳු රත්නායක 27, අතිරේක 6 (ඉඩසිරු උදාන 32/3, ධනංජය ද සිල්වා 34/2, සොනාල් දිනූෂ 31/2, ලක්ෂාන් සඳකැන් 4/2)

සීසීසී පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 380 (ඕවර් 85.3)
නිමේෂ ගුණසිංහ 20, ලසිත් කෘස්පුල්ලේ 35, මිනෝද් භානුක 58, පවන් රත්නායක 46, ධනංජය ද සිල්වා 15, සොනාල් දිනූෂ නොදැවී 117, ඉසුරු උදාන 54, අතිරේක 16 (තරිඳු රත්නායක 132/2, විජේකාන්ත් වියෙස්කාන්ත 81/5, සඳුන් වීරක්කොඩි 33/2)

ටැමිල් යූනියන් පිල දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 150 (ඕවර් 39)
තුලින දිල්ෂාන් 32, මොහොමඩ් සමාස් 40, සිතාර හපුහින්න 53, අතිරේක 8 (විශ්ව ප්‍රනාන්දු 33/3)

රාගම – බ්ලුම්ෆීල්ඩ්

මග්ගොන සරේ පිටියේ පැවැති රාගම – බ්ලුම්ෆීල්ඩ් අතර තරගයේදී රාගම ක්‍රිකට් සමාජය ලබාගත් ලකුණු 306ට පිළිතුරු ලෙස බ්ලුම්ෆීල්ඩ් පිල දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 5කට ලකුණු 155ක් ලබා සිටියේය.

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 306 (ඕවර් 116.2)
දිනෙත් තිමෝද්‍යා 60, විනුර දිල්සර 65, සන්ජය චතුරංග නොදැවී 78, රන්මිත් ජය‍සේන 36, අතිරේක 28 ( රවිඳු ප්‍රනාන්දු 67/4, ඉසිත විජේසුන්දර 72/2, මිහිරංග සිල්වා 48/2, සහන් නානායක්කාර 56/2)

බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 155 (ඕවර් 116.2)
රොන් චන්ද්‍රගුප්ත 37, හසිත බෝයගොඩ 74, කසුන් අබේරත්න ‍ොදැවී 16, අතිරේක 15 ( සන්තුෂ් ගුණතිලක 19/2)

මීගමුව – කොල්ට්ස්

කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණ‍යේ පැවැති මීගමුව – කොල්ට්ස් අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 181කට දැවීයද්දී කෝල්ට්ස් පිල ලකුණු 352ක් ලබා ගත්තේය.

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 181 (ඕවර් 66.5)
දිල්ෂාන් මුණවීර 44, ඇන්ජලෝ ජයසිංහ 19, හිමාෂ ලියනගේ 26, මාධව වර්ණපුර 36, නිශාන් පීරිස් 18, අතිරේක 10 ( කවිෂ්ක අංජුල 39/2, ශ්‍යාමසුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 21/3, අකිල ධනංජය 34/3)

කෝල්ට්ස් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 352 (ඕවර් 95)
රවිඳු රසාන්ත 37, සුකිත මනෝජ් 15, ස‍‍නෝජ් දර්ශික 145, ධනංජය ලක්ෂාන් 72, අකිල ධනංජය 46, අතිරේක 6 ( චනුර ප්‍රනාන්දු 45/3, ධනුෂ්ක සඳරුවන් 69/3, නිශාන් පීරිස් 114/2)

මීගමුව ක්‍රිකට් සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 10 (ඕවර් 4)

ඒස් කැපිටල් – බදුරලිය

මේටලන් පෙදෙස සීසීසී පිටියේදී පැවැති ඒස් කැපිටල් – බදුරලිය අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් බදුරලිය ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 314ක් ලබාගත් අතර, ඒස් කැපිටල් පළමු ඉනිමට ලකුණු 164ක් ලබා ගත්තේය. ඒස් කැපිටල් දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තේය.

බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 314 (ඕවර් 84.2)
දුනිත් ජයතුංග 51, අලංකාර අසංක සිල්වා 45, අනුක් ප්‍රනාන්දු 64, චානක රුවන්සිරි 69, මිෂාන් සිල්වා 19, චලන ද සිල්වා 32, අතිරේක 11 ( සිතුම් දිසානායක 21/3, වනුජ සහන් 86/2, රොෂාන් ජයතිස්ස 75/3)

ඒස් කැපිටල් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 164 (ඕවර් 39.4)
තනුක දාබරේ 93, අතිරේක 10 (අනුක් ප්‍රනාන්දු 27/3, චානක රුවන්සිරි 50/3, චානක කොමසෝරු 18/2)

ඒස් කැපිටල් දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 229 (ඕවර් 39.4)
පවන්ත රත්නායක 33, තනුක දාබරේ 34, උදයශාන්ත පරාක්‍රම ‍නොදැවී 83, ශම්මු අහාන් 16, සකුන ලියනගේ නොදැවී 63 ( චානක කොමසෝරු 23/1)

පානදුර – පොලිස්

පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති පානදුර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් පානදුර පිල සියලු ‍දෙනා දැවී ලකුණු 236ක් ලබාගත් අතර, පොලිස් පිල ලකුණු 253කට දැවී ගියේය. පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 72ක් ලබා සීටී.

පානදුර පිල පළමු ඉනිමට සියලු ‍දෙනා දැවී ලකුණු 236 (ඕවර් 84.2)
ඉරෝෂ් සමරසූරිය 42, ඔෂධ ප්‍රනාන්දු 25, රමිඳු විජේසූරිය 16, රමේෂ් බුද්ධික නොදැවී 81, ඉම්තියාස් ස්ලාසා 32, අතිරේක 12 (දිලුම් සුධීර 70/3, නලීන් ප්‍රියදර්ශන 80/5)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 253 (ඕවර් 76.1)
සංගීත් සෙහාරා 18, අවිශ්ක තරිදු 23, ප්‍රියමාල් පෙරේරා 89, අශේන් බණ්ඩාර 92, පැතුම් නිර්මාල් 15 (යොහාන් අවිශ්ක 53/2, විශ්ව ළහිරු 59/6, දුෂාන් හේමන්ත 36/2)

පානදුර පිල දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 72 (ඕවර් 23)
ඉරෝෂ් සමරකෝන් 15 ( කලීන් ප්‍රියදර්ශන 8/1)

Active filters

Recent Posts

  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]
  • එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි තැන මහීෂ් තීක්ෂණට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කරන ලද නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee