slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2024
සහූර්ගේ කඩුලු ත්‍රිත්වය නිසා ගෝල් මාවල්ස්ට පහසු ජයක්

sinhala editor

ලංකා ටී-10 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට තම නම ඇතුළත් කරගත් සහූර් ඛාන්ගේ ලකුණු 15 කට කඩුලු 4 ක සුපිරි පන්දු යැවීම හමුවේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති දෙවැනි තරගයෙන් කලම්බු ජැගුවර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (15 දා) සමත්වූවේය. මෙය මෙවර තරගාවලියේ ගෝල් මාවල්ස් පිල වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

පළමුව පන්දුවට පහර දුන් කලම්බු ජැගුවර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසනදී කඩුල 9 ක් දැවී රැස් කරන ලද්දේ ලකුණු 82 ක් පමණි. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් මාවල්ස් පිල එම ඉලක්කය පන්දුවාර 7.1 කදී කඩුලු 3 ක්  පමණක් දැවී රැස් කර ගැනීමට සමත්වූවේය.

ජයග්‍රාහී ගෝල් මාවල්ස් පිල වෙනුවෙන් වේගවත් ආරම්භක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ල සහ ඇලෙක්ස් හේල්ස් පන්දු 26 කදී ලකුණු 48 ක් එක් කළහ. මෙහිදී දික්වැල්ල ලකුණු 20 කුත් හේල්ස් ලකුණු 38 කුත් වාර්තා කර ගැනීමට සමත්වූහ.

ඩෑන් ලෝර්න්ස් (22) සහ නජිබුල්ලා සද්‍රාන් (26) හැරුණු කොට වෙනත් කිසිම පිතිකරුවකුට හිස එසවීමට ගෝල් මාවල්ස් පන්දු යවන්නෝ ඉඩ ප්‍රස්ථාව ලබා නොදුන්හ. ඔවුන් දෙදෙනා හැරුණු කොට කලම්බු ජැගුවර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමට  පැමිණි සෙසු පිතිකරුවන් පස් දෙනෙකුම ලකු නොලබා සිටීම කැපී පෙනුණි. ඔවුන්ගේ සෙසු පිතිකරුවන් ලකුණු ලබා සිටියේ 0, 0, 8, 8, 5, 7*, 0, 0 සහ 0* වශයෙනි. මෙහිදී අවසන් පන්දුවාරය යැවීමට පැමිණි සහූර් ඛාන් දෙවැනි පන්දුවේදී ඇන්ජලෝ මැතිව්ස්වද, තෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රමද සහ සිව්වැනි පන්දුවේදී මතීෂ පතිරණවද දවා ගනිමින් අභිනව ටී-10 තරගාවලියේ මංගල කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය.

ඔවුන් පන්දුවට පහර දෙන අවස්ථාවේදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් නජිබුල්ලා සද්‍රාන් සහ ඩෑන් ලෝර්න්ස් දෙනො එක්ව පන්දු 27 කදී රැස් කරන ලද ලකුණු 47 නොවන්නට මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට කලම්බු ජැගුවර්ස් කණ්ඩායම සීමාවන්නට ඉඩ තිබිණ. දැවී ගිය කුලු 9 න් 4 ක් තමා සතු කර ගැනීමට සහූර් ඛාන් සමත්විය.

කලම්බු ජැගුවර්ස් පන්දුවාර 10 කදී කඩුලු 9 ට ලකුණු 82 යි – ඩෑන් ලෝරන්ස් 22, නජිබුල්ලා සද්‍රාන් 26, සහූර් ඛාන් 15/4, මහීෂ් තීක්ෂණ 15/2, ජෙෆ්රි වැන්ඩර්සේ 10/2)

ගෝල් මාවල්ස් පන්දුවාර 7.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 83 යි – (නිරෝෂන් දික්වැල්ල 20, ඇලෙක්ස් හේල්ස් 38, කමිදු මෙන්ඩඩිස් 14/2, රමේෂ් මෙන්ඩිස් 21/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee