slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2024
ජැෆ්නා ටයිටෑන්ස් අපරාජිතව පළමු සුදුසුකම් ලැබීමේ තරගයට

sinhala editor

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය බවට පත්වුණු අද (17 දා) පැවැති තරග වලදී ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම විසින් කලම්බු ජැගුවර්ස් පිලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව සමස්ථ තරගාවලියේ තරග 7 කදී ජයග්‍රහණ 5 ක් වාර්තා කර ගනිමින් සිය අපරාජිතභාවය රැක ගත් ජැෆ්නා ක්‍රීඩකයෝ අවසන් කණ්ඩායම් 4 අතරේ පළමු තරගය වන පළමු සුදුසුකම් ලැබීමේ තරගයට සුදුසුකම් ලබා සිටිති.

ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස්  පිතිකරුවෝ පන්දුවාර 5.4 කදී එක් කඩුල්ලක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී චිත්තාකර්ෂණීය පිතිහරඹයක නිරත වුණු කුසල් මෙන්ඩිස් පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 79 ක් ලබා ගත්තේය. එම ඉනිම මෙම තරගාවලියේදී මෙතෙක් පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

කෙවින් වික්හැම් ලකුණු නොලබා දැවී යෑමෙන් අනතුරුව කුසල්ට එක් වුණු චරිත් අසලංක, පන්දු 30 කදී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 98 කි. පන්දු 8 කින් සමන්විත වූ චරිත්ගේ ඉනිම හයේ පහරක් සහ හතෙර් පහරක්ද සමගින් ලකුණු පුවරුවේ සටහන් වූයේ නොබිඳුණු ලකුණු 16 ක් වශයෙනි.

සමස්ථ තරගාවලියේදීම වර්ෂාවෙන් බාධා පැමිණීවීම හැරුණු කොට කලම්බු පිතිකරුවන්ටද දක්ෂතා අතරට පැමණීමට නොහැකිවීම කණගාටුවට කරුණක් විය. දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ජැෆ්නා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීිම හමුවේ නියමිත පන්දුවාර 10 අවසවනදි ඔවුනට රැස්කරගත හැකිවූයේ කඩුලු 8 කට කුණු 99 ක් පමණි. එහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු වෙල්ලාලගේ තම පන්දුවාර 2 දී ලකුණු 05 කට කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙනුණේය. ඔහුට අමතරව ළහිරු කුමාර ලකුණු 19 කට කඩුලු 2 ක් බිද හෙළීය.

කලම්බු ජැගුවර්ස් පන්දුවාර 10 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 99 යි – කමිදු මෙන්ඩිස් 17, අසීෆ් අලී 18, රමේෂ් මෙන්ඩිස් 28*, දුනිත් වෙල්ලාලගේ 05/3, ළහිරු කුමාර 19/2)

ජැෆ්නා ටයිටෑන්ස් පිල පන්දුවාර 5.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 100 යි – කුසල් මෙන්ඩිස් 79*, චරිත් අසලංක 16*

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee