slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2024
ටී-10 පළමු අර්ධ ශතකය දසුන් ශානකගෙන්

sinhala editor

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී දසුන් පන්දු 16 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

තරගාවලි ඉතිහාසයේ පළමු හතරේ පහර මෙන්ම  පළමු හයේ පහර එල්ල කිරීමේ ගෞරවයද දසුන් තමන් සතු කර ගත්තේය. මොහොමඩ් ආමීර් විසින් යවන ලද තරගයේ පළමු පන්දුවටම කුසල් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී යෑම නිසා දසුන්ට දෙවැනි පන්දුවේ සිටම පන්දුවට පහර දීමට අවස්ථාව හිමිවිය. ඒ අනුව ආමීර් යවන ලද සිව්වැනි පන්දුවට හතරේ තරගාවලි ඉතිහාසයේ මංගල හතරේ පහර එල්ල කළ දසුන් නැවතත් ජැෆ්නා ටයිටෑන්ස් නායක ඩේවිඩ් වීසේ යවන ලද තෙවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් හයේ පහර එල්ල කිරීමේ ගෞරවයද තමන් සතු කර ගත්තේය. එතැනින් නොනැවතුණු දසුන් ඊළඟ පන්දු දෙකටම හයේ පහර 2 ක් එල්ල කරමින් පිට පිට පන්දු 3 කදී හයේ පහර 3 ක් එල්ල කරමින් ටී-10 තරග රටාවේ ස්වරූපය මෙය යැයි තරග නැරඹීමට  පල්ලෙකැලේට පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ට පසක් කර දුන්නේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee