නවසීලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්සයි-20 තරගාවලියට පෙර නවසීලන්ත XI කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ලද විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ලින්කොල්න් හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත XI කණ්ඩායම පන්දුවාර 13.4 කදී සියලු දෙනා ලකුණු 94 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 2.3 කදී ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳ හෙළුවේය. ඊට අමතරව නායක චරිත් අසලංක සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිද හෙළද්දී කමිඳු මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
ඒ අනුව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය පන්දුවාර 10.5 කදි සපුරා ගත්තේ කඩුලු 3 ක් පමණද් දැවී ගොස් තිබියදීය. මෙහිදී කුසල් පෙරේරා පන්දු 22 කදී ලකුණු 30 ක්ද කමිදු මෙන්ඩිස් පන්දු 22 කදී ලකුණු 28 ක්ද ලබා සිටියදී අනෙක් පිතිකරුවන්ට ක්‍රීඩා කිරීමේ අවකාශ සලසමින් පිටියෙන් ඉවත්ව ගියහ.
මේ අතර මෙම තරගය වේලාසනින්ම ඉවර වීම මත නැවතත් පන්දුවාර 10 බැගින් වූ තරගයක්ද දෙපිළ අතර පැවැත්වූ අතර එම තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32 කින් ජය ගත්තේය. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 10 අවසනදී කඩුලු 2 කට ලලකුණු 128 ක් රැස් කළේය. පැතුම් නිස්සංක පන්දු 15 කදී කුණු 31 ක්ද භානුක රාජපක්ෂ පන්දු 15 කදී ලකුණු 25 ක්ද ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවකාශ උදාකර දෙමින් පිටියෙන් ඉවත්ව ගියහ. ඊට අමතරව වනිඳු හසරංග පන්දු 11 කදී ලකුණු 27 ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද නවසීලන්ත XI කණ්ඩායමට නුවන් තුෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 96 ක් පමණි. බොයිල් ලකුණු 57 ක් වාර්තා කරද්දී නුවන් තුෂාර ලකුණු 10 කට කඩුලු 2 ක් දවා ලූවේය.
පන්දුවාර විස්සයි-20 තරගය
නවසිලන්ත පන්දුවාර 13.4 කදී සියලු දෙනා දැවී ලකුණු 94 යි – (බීජේ. ජෙකොබ්ස් 39, වනිඳු හසරංග 12/3, චරිත් අසලංක 04/2, මතීෂ පතිරණ 07/2, කමිඳු මෙන්ඩිස්ි 05/1, බිනුර ප්‍රනාන්දු 08/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 10.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 97 යි – (කුසල් පෙරේරා 30, කමිඳු නේඩිස් 28, චරිත් අසලංක 18)
පන්දුවාර 10 තරගය
ශ්‍රී ලංකාව පන්දුවාර 10 කදී කඩුලු 2 කට ලකුණු 128 යි – (පැතුම් නිස්සංක 31, වනිඳු හසරංග 27. භානුක රාජපක්ෂ 25)
නවසිලන්ත XI පන්දුවාර 10 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 96 යි – (ටී.බොයිල් 57, නුවන් තුෂාර 10/2)