ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද තෙවැනි දිනය නිමාවෙද්දී පොලිස්, ඒන්සීසී, සීසීසී, ඒස් කැපිටල්, බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස් හා කොල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ තරගාවලි ජය වාර්තා කළහ.
පානදුර පිල පරාජය කොට කඩුලු 10ක ජයක් හිමිකර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූයේ පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදීය.
පොලිස් පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 75ක ඉලක්කයක් එල්ල වූ අතර, එය ඕවර් 10.2කදී සම්පූර්ණ කිරීමට හේෂාන් ධනුෂ්ක හා නදීර බාලසූරිය සමත් වූහ. නදීර පන්දු 26කදී හේ 4ක් හා හතරේ 4ක් සමඟ ඉක්මන් ලකුණු 55ක් නොදැවී ලබා ගත්තේය. තරගයේ මුලින් පන්දුවට පහරදුන් පානදුර පිල සියලු දෙනා දැවී ලකුණු 236ක් ලබාගත් අතර, පොලිස් පිල ලකුණු 253කට දැවී ගියේය. පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ලකුණු 91කට සීමා කිරීමට පොලිස් පිලේ පන්දු යවන්නෝ සමත් වූහ.
පානදුර පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 236 (ඕවර් 84.2)
ඉරෝෂ් සමරසූරිය 42, ඔෂධ ප්‍රනාන්දු 25, රමිඳු විජේසූරිය 16, රමේෂ් බුද්ධික නොදැවී 81, ඉම්තියාස් ස්ලාසා 32, අතිරේක 12 (දිලුම් සුධීර 70/3, නලීන් ප්‍රියදර්ශන 80/5)
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 253 (ඕවර් 76.1)
සංගීත් සෙහාරා 18, අවිශ්ක තරිදු 23, ප්‍රියමාල් පෙරේරා 89, අශේන් බණ්ඩාර 92, පැතුම් නිර්මාල් 15 (යොහාන් අවිශ්ක 53/2, විශ්ව ළහිරු 59/6, දුෂාන් හේමන්ත 36/2)
පානදුර පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 91 (ඕවර් 32.2)
ඉරෝෂ් සමරකෝන් 15, සලිත් ප්‍රනාන්දු 43 (නලීන් ප්‍රියදර්ශන 18/3, දිලුම් සුධීර 36/4, අශේන් බණ්ඩාර 13/3)
පොලිස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 77 (ඕවර් 10.2)
හේෂාන් ධනුෂ්ක නොදැවී 17, නදීර බාලසූරිය නොදැවී 55
මුවර්ස් පිලට කඩුලු 9ක ජයක්
බීආර්සී පිටියේ පැවැති බීආර්සී – මුවර්ස් අතර තරගයෙන් මුවර්ස් පිලට කඩුලු 9ක ජයක් ජයක් හිමි වූවේය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 50ක ඉලක්කයක් මුවර්ස් පිලට එල්ලව තිබියදී එය එක් කඩුල්ලක් බිඳවැටී තහවුරු කර ගැනීමට මුවර්ස් පිල සමත් විය.
කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 200ක් ලබාගත් අතර, මුවර්ස් පිල පළමු ඉනිමට ලකුණු 326ක් ලබා ගත්තේය. දෙවැනි ඉනිමට බීආර්සී පිල ලකුණු 175ක් ලබාගත් හෙයින් මුවර්ස් පිලට ජයග්‍රහණය වෙනුවෙන් පහසු ඉලක්කයක් යොමු විය.
මාතර සාන්ත සිල්වෙස්තර් විදුහලෙන් පිටියට පිවිසි වමත් දඟ පන්දු යවන චානුක දිල්ෂාන් බීආර්සී ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඇතුළු පිතිකරුවන් 7ක් ලකුණු 46කට පළමු ඉනිමේ දවාගත් අතර, දෙවැනි ඉනිමේදී ලකුණු 31කට කඩුලු 3ක් ලබා තගය පුඑා කඩුලු 10ක් බිදහෙලා ගත්තේය.
බීආර්සී පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 200 (ඕවර් 56.3)
නවිඳු විතානගේ 19, ඩිල්ෂාන් ද සොයිසා 16, චාමික හීනටිගල 38, දිනුර අබේවික්‍රමසිංහ 23, මුවින් අභිනාෂ් 19, මලින්ද පුෂ්පකුමාර නොදැවී 38, අතිරේක 22 ( චානුක දිල්ෂාන් 46/7, රමේෂ් මෙන්ඩිස් 58/3)
මුවර්ස් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 326 (ඕවර් 93.3)
ලසිත් අබේරත්න 16, සධීර සමරවික්‍රම 114, පසිඳු සූරියබණ්ඩාර 41, මිලාන් රත්නායක 26, රමේෂ් මෙන්ඩිස් 57, අතිරේක 19 (චමින්ද බණ්ඩාර 49/2, මුවින් අභිනාෂ් 75/4, මලින්ද පුෂ්පකුමාර 104/3)
බීආර්සී පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 175 (ඕවර් 65.2)
දිල්ෂාන් ද සිල්වා 42, නවිඳු විතානගේ 25, දිනුර අබේවික්‍රමසිංහ 40, අතිරේක 10 (චානුක දිල්ෂාන් 31/3, රමේෂ් මෙන්ඩිස් 53/3, රොහාන් සංජය 40/3)
මුවර්ස් පිල දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 52 (ඕවර් 6.5)
සොහාන් ඩී ලිවේරා 22, රවිෂාන් ද සිල්වා නොදැවී 21, (මුවින් අභිනාෂ් 21/1)
කොල්ට්ස් පිලට ලකුණු 92ක ජයක්
කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණයේ පැවැති මීගමුව – කොල්ට්ස් අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 181කට දැවීයද්දී කෝල්ට්ස් පිල ලකුණු 352ක් ලබා ගත්තේය. අනතුරුව දෙවැනි ඉනිමේදී මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 79කට සීමා විය.
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 181 (ඕවර් 66.5)
දිල්ෂාන් මුණවීර 44, ඇන්ජලෝ ජයසිංහ 19, හිමාෂ ලියනගේ 26, මාධව වර්ණපුර 36, නිශාන් පීරිස් 18, අතිරේක 10 ( කවිෂ්ක අංජුල 39/2, ශ්‍යාමසුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 21/3, අකිල ධනංජය 34/3)
කෝල්ට්ස් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 352 (ඕවර් 95)
රවිඳු රසාන්ත 37, සුකිත මනෝජ් 15, සනෝජ් දර්ශික 145, ධනංජය ලක්ෂාන් 72, අකිල ධනංජය 46, අතිරේක 6 ( චනුර ප්‍රනාන්දු 45/3, ධනුෂ්ක සඳරුවන් 69/3, නිශාන් පීරිස් 114/2)
මීගමුව ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 79 (ඕවර් 33.4)
කේෂාන් වන්නිආරච්චි 21, දිල්ෂාන් මුණවීර 22 ( කවිෂ්ක අංජුල 14/3, ශ්‍යාමසුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 15/4)
සීසීසී පිලට කඩුලු 9ක ජයක්
පී. සරා පිටියේදී පැවැති ටැමිල් යූනියන් – සීසීසී අතර තරගයේදී ටැමිල් යූනියන් පිලට කඩුලු 9ක ජයක් හිමි විය. ටැමිල් යූනියන් පළමු ඉනිමට ලකුණු 177ක් ලබාගත් අතර, සීසීසී පිල පළමු ඉනිමට ලකුණු 380ක් ලබා සිටියේය. ටැමිල් යූනියන් දෙවැනි ඉනිමට දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 299ක් ලැබූ හෙයින් සීසීසී පිලට ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ඉලක්කය ලකුණු 97කි.
ටැමිල් යූනියන් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 177 (ඕවර් 45.5)
තුලින දිල්ෂාන් 30, සිතාර හපුහින්න 34, සචිත ජයතිලක නොදැවී 64, තරිඳු රත්නායක 27, අතිරේක 6 (ඉසිරු උදාන 32/3, ධනංජය ද සිල්වා 34/2, සොනාල් දිනූෂ 31/2, ලක්ෂාන් සඳකැන් 4/2)
සීසීසී පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 380 (ඕවර් 85.3)
නිමේෂ ගුණසිංහ 20, ලසිත් කෘස්පුල්ලේ 35, මිනෝද් භානුක 58, පවන් රත්නායක 46, ධනංජය ද සිල්වා 15, සොනාල් දිනූෂ නොදැවී 117, ඉසුරු උදාන 54, අතිරේක 16 (තරිඳු රත්නායක 132/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 81/5, සඳුන් වීරක්කොඩි 33/2)
ටැමිල් යූනියන් පිල දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 299 (ඕවර් 79.3)
තුලින දිල්ෂාන් 32, මොහොමඩ් සමාස් 40, සිතාර හපුහින්න 53, සචිත ජයතිලක 43විජේකාන්ත් වියෙස්කාන්ත් 24, තරිඳු රත්නායක 86, අතිරේක 10 (විශ්ව ප්‍රනාන්දු 43/3, ධනංජය ද සිල්වා 71/4, චමිඳු විජේසිංහ 68/3)
සීසීසී දෙවැනි ඉනිම කඩුලු 1ක් දැවී ලකුණු 98 (ඕවර් 23.1)
නිමේෂ ගුණසිංහ නොදැවී 56, අංජල බණ්ඩාර නොදැවී 37
බ්ලුම්ෆීල්ඩ් පිලට කඩුලු 2ක ජයක්
මග්ගොන සරේ පිටියේ පැවැති රාගම – බ්ලුම්ෆීල්ඩ් අතර තරගයේදී රාගම ක්‍රිකට් සමාජය ලබාගත් ලකුණු 306ට පිළිතුරු ලෙස බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිමට ලකුණු 204ක් ලබා ගත්තේය. රාගම දෙවැනි ඉනිම ලකුණු 61කට සීමාවූ හෙයින් බ්ලුම්ෆීල්ඩ් පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 164ක ඉලක්කයක් එල්ලවී එය කඩුලු 8ක් බිදවැටී සම්පූර්ණ කළේය.
රාගම දෙවැනි ඉනිම සුනුවිසුණු කළ සහන් නානායක්කාර ලකුණු 24කට කඩුලු 7ක් බිඳහෙලීමට සමත් විය.
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 306 (ඕවර් 116.2)
දිනෙත් තිමෝද්‍යා 60, විනුර දිල්සර 65, සන්ජය චතුරංග නොදැවී 78, රන්මිත් ජයසේන 36, අතිරේක 28 ( රවිඳු ප්‍රනාන්දු 67/4, ඉසිත විජේසුන්දර 72/2, මිහිරංග සිල්වා 48/2, සහන් නානායක්කාර 56/2)
බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 155 (ඕවර් 116.2)
රොන් චන්ද්‍රගුප්ත 37, හසිත බෝයගොඩ 74, කසුන් අබේරත්න 44, රේක 19 (සන්තුෂ් ගුණතිලක 32/2, හරීන් රත්නමුදලි 47/3, ශෂික දුල්ෂාන් 55/4)
රාගම ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 61 (ඕවර් 37)
නිපුන් මාලිංග 12 ( රවිඳු ප්‍රනාන්දු 23/3, සහන් නානායක්කාර 24/7)
බ්ලුම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම කඩුලු 8කට ලකුණු 164 (ඕවර් 30)
රොන් චන්ද්‍රගුප්ත 74, මිනෙත් ප්‍රේමරත්න 31, රවිඳු ප්‍රනාන්දු 22, අතිරේක 3 (නිපුන් මාලිංග 51/3, ශෂික දුල්ෂාන් 35/3)
ඒස් කැපිටල්ට ලකුණු 83ක ජයක්
මේටලන් පෙදෙස සීසීසී පිටියේදී පැවැති ඒස් කැපිටල් – බදුරලිය අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් බදුරලිය ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 314ක් ලබාගත් අතර, ඒස් කැපිටල් පළමු ඉනිමට ලකුණු 164ක් ලබා ගත්තේය. ඒස් කැපිටල් දෙවැනි ඉනිමට ලකුණු 364ක් ලබාගත් අතර, බදුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිමේ සියලු දෙනා ලකුණු 131කට දැවී ගියේය.
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 314 (ඕවර් 84.2)
දුනිත් ජයතුංග 51, අලංකාර අසංක සිල්වා 45, අනුක් ප්‍රනාන්දු 64, චානක රුවන්සිරි 69, මිෂාන් සිල්වා 19, චලන ද සිල්වා 32, අතිරේක 11 ( සිතුම් දිසානායක 21/3, වනුජ සහන් 86/2, රොෂාන් ජයතිස්ස 75/3)
ඒස් කැපිටල් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 164 (ඕවර් 39.4)
තනුක දාබරේ 93, අතිරේක 10 (අනුක් ප්‍රනාන්දු 27/3, චානක රුවන්සිරි 50/3, චානක කොමසෝරු 18/2)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 364 (ඕවර් 70.1)
පවන්ත රත්නායක 33, තනුක දාබරේ 34, උදයශාන්ත පරාක්‍රම 113, ශම්මු අහාන් 16, සකුන ලියනගේ 67, ොෂාන් ජයතිස්ස 19, දනාල් හේමනන්ද 45 (අනුක් ප්‍රනාන්දු 82/2, චානක කොමසෝරු 106/4)
බදුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 131 (ඕවර් 55.2)
දුනිත් ජයතුංග 35, ලියෝ ෆ්‍රැන්සිස්කො 28, හර්ෂ විතාන 27, අනුක් ප්‍රනාන්දු 26 ( සිතුම් දිසානායක 21/3, වනුජ සහන් 67/3, රොෂාන් ජයතිස්ස 42/2, ශම්මු අශාන් 11/2)
එන්සීසී කඩුලු 5කින් ජය ලබයි
කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති කැන්ඩි කස්ටම් – එන්සීසී තරගයේ කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිමට ලකුණු 359ක් ලබාගත් අතර, එන්සීසී පිල පළමු ඉනිමට ලකුණු 321ක් ලබා ගත්තේය. කැන්ඩි කස්ටම් පිල දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 135ක් ලබාගත් හෙයින් එල්ලවූ ලකුණු 174ක ඉලක්කය කඩුලු 5ක් දැවී ලබා ගැනීමට සමත් විය.
කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 359 (ඕවර් 106.5)
තෙවිඳු දික්වැල්ල 23, ෂෙහාන් ප්‍රනාන්දු 56, ඉමේෂ් උදයංග 15, සහන් කෝසල 116, රොස්කේ තාහටිල් 88, අතිරේක 27 ( දුෂ්මන්ත චමීර 56/3, චාමික ගුණසේකර 56/3, අසේල් සිගේරා 45/2)
එන්සීසී පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 321 (ඕවර් 87.4)
නිරෝෂන් දික්වැල්ල 31, ළහිරු උදාර 65, කමීල් මිෂාර 51, අහන් වික්‍රමසිංහ 69, චාමික කරුණාරත්න 18, අශීන් ඩැනියෙල් 21් අතිරේත 11 (බුද්ධික සංජීව 86/3, සහන් අදීෂ 36/2, සචිත්‍ර පෙරේරා 94/4)
කැන්ඩි කස්ටම් පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 135 (ඕවර් 44.1)
තෙවිඳු දික්වැල්ල 21, ඉමේෂ් උදයංග 26, සහන් කෝසල 20, රොස්කේ තාහටිල් 24, සචිත්‍ර පෙරේරා 15, (චාමික ගුණසේකර 57/3, අසේල් සිගේරා 11/2, චාමික ගුණසේකර 57/3, සහන් ආරච්චිගේ 11/2)
එන්සීසී පිල කඩුලු 5කට ලකුණු 174 (ඕවර් 19)
නිරෝෂන් දික්වැල්ල 44, ළහිරු උදාර 17, අහන් වික්‍රමසිංහ 17, අසෙල් සිගේරා 47, සහන් ආරච්චිගේ නොදචැවී 30, චාමික කරුණාරත්න නොදැවී 12 ( සහන් අදීෂ 47/2)