slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2024
බංග්ලාදේශ බාළිකාවන්ට ලකුණු 28 ක ජයක්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන  පන්දුවාර විස්සයි-20 ක්‍රිකට්තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් බංග්ලාදේශ යොවුන් පිල හමුවේ ලකුණු 28 ක පරාජයකට මුහුණ දුන්නේය.

ක්වාලලාම්පූර්හිදී පැවැති මෙම තරගය පන්දුවාර 17 කට සීමා වෙමින් පැවැත්විණ. එහිදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල කඩුලු 9 කට ලකුණු 122 ක් රැස් කළ නමුත් එම ඉලකක්ය හඹා යෑමේදී ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 17 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 94 ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී සංජනා කාවින්දි පන්දු 13 කදී හතරේ  පහර 5 ක් සමඟ ලකුණු 21 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. ඇයට අමතරව තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ රශ්මිකා සෙව්වන්දි ලකුණු 20 ක් රැස් කළාය.

පිතිකරණට අමතරව පන්දු යැවීමේදී ද දක්ෂතා දැක්වූ රශ්මිකා සෙව්වන්දි ලකුණු 23 කට කඩුලු 4 ක් බිඳ හෙළුවද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. ඇයට අමතරව ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුලු 2 බැගින් දවාලූහ.

බංග්ලාදේශ බාළිකා කණ්ඩායම පන්දුවාර 17 කදී කඩුලු 9 ට ලකුණු 122 යි – (සුමයියා අක්ටර් 24, අෆියා අශිමා 25, සාඩියා අක්ටර් 31, රශ්මිකා සෙව්වන්දි 23/4, ප්‍රමුදි මෙත්සරා 11/2, අසේනි තලගුණේ 20/2)

ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම පන්දුවාර 17 කදී කඩුලු 8 කදී ලකුණු 94 යි  – (සංජනා කාවින්දි 21, ලිමන්සා තිලකරත්න 16, සුමුදු නිසංසලා 15, රශ්මිකා සෙව්වන්දි 20, නිශිතා අක්ටර් 16/2, සුමියා අක්ටර් 12/3, ෆර්ජනා එස්මින් 12/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee