slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2024
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අවසන් මහ සටනට

sinhala editor

පන්දු යවන්නන් නිසි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම ප්‍රධාන කොට ගෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් මාවල්ස්ට එරෙහිව කඩුලු @ ක ජයක් වාර්තා කළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ජැෆ්නා ටයිටෑන්ස් පිලට එරෙහිව හෙට පැවැත්වීිමට නියමිත අවසන් මහ තරගයේ ප්‍රතිවාදින් බවට පත්විය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුව යවමින් ගෝල් මාවල්ස් පිල ලකුණු 90 කදී නවතාලීමට හම්බන්තොට පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණු එෂාන් මාලිංග ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ගෝල් මාවල්ස් වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කරන ලද්දේ මොවින් සුබසිංහ (32) පමණි. සෙසු එකම පිතිකරුවකට හෝ ලකුණු 12 සීමාව ඉක්මවාලීමට පන්දු යවන්නෝ අවස්ථාව සලසා නොදුන්හ. ආරම්භයේ සිටම තර්ජනාත්මක  පන්දු යැවීමක නිරත වුණු හම්බන්තොට පන්දු යවන්නන් අතරින් ධනංජය ලක්ෂාන් විසින් භානුක රාජපක්ෂ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවාලීමට සමත්වූවේය. එලිමිනේටර් තරගයේ ජයග්‍රහණයේ නියමුවන් දෙදෙනා වූ රාජපක්ෂ සහ ශකීබ් අල් හසන් යුගලම ප්‍රේක්ෂකයින් බවට පත් වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 5 කට ලකුණු 35 ක් වශයෙනි.

ඉලක්කය හඹා යෑමේදී කුසල් ජනිත් පෙරේරා පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 22 ක්ද ෂෙවෝන් ඩැනියල් පන්දු 17 කදී ලකුණු 36 ක්ද වාර්තා කළහ. මැද පෙළින් පැමිණිදසුන් හානක පන්දු 8 කදී ලකුණු 20 ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් තම ඉනිමට ඇතුළත් කරමිනි. කෙසේ වෙතත් හම්බන්තොට කණ්ඩායම ඉලක්කය සපුරා ගන්නා විට තවත් පන්දුවාර 3 ක් ලකුණු පුවරුවේ එහෙමම ඉතිරිව තිබුණේ කඩුලු 6 ක් පමණද් දැවී ගොස් තිබියදීය.

ගෝල් මාවල්ස් පන්දුවාර 10 කදී කඩුලු 9 කදී ලකුණු 90 යි – ළහිරු උදාර 12, ශකීබ් අල්හසන් 12, චමිඳු වික්‍රමසිංහ 11, මොවින් සුබසිංහ 32*, ප්‍රභාත් ජයසූරිය 11, ධනංජය ලක්ෂාන් 14/2, තරිඳු රත්නායක 13/2, එෂාන් මාලිංග 19/3, ඉසුරු උදාන 17/2

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පන්දුවාර 7 කදී කඩුලු 6 ක් දැවී ලකුනු 94 යි – කුසල් පෙරේරා 22, ෂෙවෝන් ඩැනියල් 36, දසුන් ශානක 20, මහීෂ් තීක්ෂණ 13/3, සහූර් ඛාන් 09/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar