slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2024
කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. ජැෆ්නා පිල අද වාර්තා කරන ලද්දේ මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වන අතර ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ඔවුනට හැකියාව ලැබිණ. මෙතෙක් පැවැති තරග වලදී අනෙක් එකම ජයග්‍රහණය වාර්තා කරගෙන සිටින ගෝල් මාවල්ස් කණ්ඩායම එම සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව පන්දු 33 කදී රැස් කරන ලද ලකුණු 80 ක සම්බන්ධතාව පෙරටුකොට ගෙන ලකුණු 139 ක ඉලක්කයක් ප්‍රතිවාදී කලම්බු ජැගුවර්ස් කණ්ඩායම වෙත ලබා දීමට හැකියාව ලැබිණ. මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායමක් හමුවේ ලබා දෙන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

කෙසේ වෙතත් එම ඉලක්කය හඹා යෑමේදී කලම්බු ජැගුවර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 6 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 98 ක් පමණි. අද තරගයේදීද කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ට්‍රෙවීන් මැතිව්, දැවී ගිය කඩුලු 6 න් කඩුලු 3 කටම හිමිකම් කීවේය. පළමු තරගයේදීද කඩුලු 4 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ට්‍රෙවීන් මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර කඩුලු 7 ක් ලබා පෙරමුණේ පසුවන්නේය. කමිදු මෙන්ඩිස් (07), ඇන්ජලෝ මැතිව්ස් (03), සහ නජිබුල්ලා සද්‍රාන් මැතිව්ගේ පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවෝ වූහ.

කලම්බු ජැගුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ඩෑන් ලෝරන්ස් රැස් කරන ලද ලකුණු 28 හැරුණුකොට සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ අවස්ථාව සලසා නොදුන්හ.

ටයිටෑන්ස් ඉනිම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වුණු අංක 3 පිතිකරු චරිත් අසලංක හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 24 කදී ලකුණු 56 ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් කුසල් මෙන්ඩිස් පන්දු 19 කදී ලකුණු 37 ක් එක් කරන ලද්දේ ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 6 කින් වර්ණවත් කර ගනිමිනි.

6 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය බිද වැටීමෙන්  පසු රඳවා ගෙන ආ වේගය එලෙසින්ම රඳවා ගැනීමට ටයිටෑන්ස් මැද පෙළ පිතිකරුවන්ට නොහැකිවිය. කෙසේ වෙතත් ඒ අතරින් ටොම් ඇබෙල් පන්දු 7 කදී රැස් කරන ලද ලකුණ 13 ඔවුන් දෙදෙනාට අමතරව ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. පන්දු යැවීමේකී ඇන්ජලෝමැතිව්ස් සහ අලී ඛාන් කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී මතීෂ පතිරණ එක් කඩුල්ලක් බිඳ හෙළුවේය. මතීෂ විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 2 දී ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 34 ක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනිණ.

ජැෆ්නා ටයිටෑන්ස් පන්දුවාර 10 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 138 යි – (චරිත් අසලංක 56, කුසල් මෙන්ඩිස් 37, ටොම් ඇබෙල් 13, ඇන්ජලෝ මැතිව්ස් 22/2, අලී ඛාන් 20/2, මතීෂ පතිරණ 34/1)

කලම්බු ජැගුවර්ස් පන්දුවාර 10 කදී කඩුලු 6 කට කඩුලු 98 යි – ඩෑන් ලෝරන්ස් 28, නජිබුල්ලා සද්‍රාන් 17, අසීෆ් අලී 13, රමේෂ් මෙන්ඩිස් 15*, ට්‍රෙවීන් මැතිව් 18/3, ඩ්වයින් ප්‍රි ටෝරියස් 31/1, මල්ෂ තරුපති 05/1

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar