slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2024
ගෝල් මාවල්ස් – හම්බන්තොට බංග්ලා ටයිගර්ස් තරගයත් වැස්සට සේදෙයි

sinhala editor

ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය හෙවත් ගෝල් මාවල්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර තරගයට වර්ෂාව හරස්වීම නිසා එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත ප.ව. 4.15 ට පමණ ඇද හැලුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම නිසා දිනයේ පැවැත්වීමට තිබූ දෙවැනි තරගය ප.ව. 6.55 වන විට අත හැර දැමුණු බව විනිසුරුවරුන් සඳහන් කර සිටියේය.

අද දිනයේ පළමුවෙන් පැවැති කැන්ඩි බෝල්ට් සහ නුවරඑළිය කිංග්ස් අතර තරගයටද වර්ෂාව හරස්වීම නිසා සමස්ථ තරගයම පන්දුවාර 3.3 කට සීමා විය.

කෙසේ වෙතත් ප.ව. 8.30 ට ජැෆ්නා ටයිටෑන්ස් සහ කලම්බු ජැගුවර්ස් අතර තරගය පැවැත්වීමට නියමිත තිබෙන නමුත් පස්වරුවේ ඇද හැළුණු වර්ෂාව ප.ව. 7.25 වන විටත් ඇද හැළෙඹින් පැවැතිණ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar