slc
logo
Home   |    News
දෙසැම්බර් 1, 2024
ශාරුජන්ගේ ශතකයෙන් ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව විශිෂ්ඨ ජයක්

sinhala editor

ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ඇෆ්ගනිස්තානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 131 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්විය.

මෙම තරග වටය යටතේ ශ්‍රී ලංකාව ජය වාර්තා කරන ලද දෙවැනි තරගය ලෙසින්ද මෙය සනිටුහන් වෙයි. ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් තරගාවලියේ ඉදිරි වටය සඳහාද මේ වන විට වැඩි ඉඩ කඩක් වෙන් කර ගැනීමට සමත්ව සිටීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අදාළ මූලික වටය යටතේ සහභාගිවෙන තෙවැනි සහ අවසන් තරගය ලබන 03 වැනිදා බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 243 ක් රැස් කර ගැනීමට සමත්වූවේය. මෙහිදී කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ ශාරුජන් ශන්මුගනාදන් පන්දු 132 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සමඟින් ලකුණ 102 ක් රැස් කරමින් ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වූවේය. ශාරුජන් පළමු තරගයේදීද අර්ධ ශතකයක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා පරිදිම මෙම තරගයේදීද තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගැනීම කැපී පෙනිණ.

ඉනිම ආරම්භයේදී ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා ලකුණු නොලබාම දැවී ගියද පිළිඳු පෙරේරාට එක්වූ ශාරුජන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩ නැංවීමට දායකත්වය දැක්වූවේය. මෙහිදී පුළිඳු පන්දු 80 කට මුහුණ දෙමින් ලකුණු 53 ක් ලබා ගත්තේය.

ලකුණු 244 ක ඉලක්කයක් කරා යන ගමනේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දුවාර 28.2 කදී සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. තරගය නිමා වන විට ප්‍රවීන් මනීෂ කඩුලු 3 ක් දවා ගනිද්දී, නායක විහස් තෙව්මික, විරාන් චමුදිත සහ නිව්ටන් රංජිත්කුමාර් කඩුලු 2 බැගින් බෙඳ හෙළා තිබුණි.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50 කදී කඩුලු 7 කට ලකුණු 243 යි – (ශාරුජන් ශන්මුගනාදන් 102, පුළිදු පෙරේරා 53, විමත් දින්සර 26, ලක්වින් අබේසිංහ 16, කවීජ ගමගේ 14, ඒ. එම්. ඝන්සන්ෆර් 35/33)

ඇෆ්ගනිස්තානු යොවුන් පිල පන්දුවාර 28.2 කදී සියලු දෙනා දැවී ලකුණු 112 යි – (ෆයිසාල් ශිනොසාදා 14, හම්බා ඛාන් 32, නසිෆුල්ලා අමීර් 33, ප්‍රවීන් මනීෂ 16/3, විහස් තෙව්මික 10/2, විරාන් චමුදිත 14/2, නිව්ටන් රංජිත්කුමාර් 26/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee