By Chamila Karawita
ටෙස්ට් තරගයක් වුවද ආරම්භයේ පටන්ම එක්දි තරගයක මෙන් ලකුණු රැස් කිරීමේ නිරත වුණු ඔස්ට්‍රේලියානුවෝ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 දා) ආරභ වුණු වෝන් – මුරලිදරන් කුසලාන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය වේලාසනම නිමා කරන විට කඩුලු 2 කට ලකුණු 330 ක් ලබමින් තරගයට විශිෂ්ඨ ආරම්භයක් ලබාගෙන තිබිණ.
දිනය අහවර වීමට මිනිත්තු 30 කට පමණ පෙර ඇතිවී තිබූ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නිමා කරන විට තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 195 ක ශතක සම්බන්ධතාවයක් පවත්වාගෙන සිටි උස්මාන් ඛවාජා ලකුණු 147 ක් ද සහ ස්ටීවන් ස්මිත් ලකුණු 104 ක්ද ලබා සිටියහ.
දිවා ආහාරයට මිනිත්තු 10 කට පමණ පෙර පන්දුවට පහර දීමට පැමිණි ඔස්ට්‍රේලියානු පිලේ තාවකාලික නායකයා මුහුණ දුන් පළමු පන්දුවටම ලකුණක් ලබා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියේ 10,000 වැනි ලකුණ සම්පූර්ණ කර ගත්තේය. ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එම කඩඉම ඉක්මවාගිය සිව්වැනි පිතිකරුවා ලෙසින් ස්මිත් ඉතිහාස ගත විය ස්මිත්ට පෙර රිකී පොන්ටින්, ඇලන් බෝඩර් සහ ස්ටීව් වෝ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 10,000 කඩඉම ඉක්මවාලූ පිතිකරුවෝ බවට පත්ව සිටියහ.
කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානුවෝ ඉනිම ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස් කිරීමට උනන්දු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස දිනයේ යවන ලද සමස්ථ පන්දුවාර 81.1 න් නිලකුණු පන්දුවාර ලෙසින් සටහන්ව තිබුණේ 8 ක් පමණි. එම පන්දුවාර 8 දිවා ආහාරයෙන් පසුය වන ලද ඒවා විය.
පිතිකරණ අනුපිළිවෙළේ උසස්වීමක් ලබමින් ඉනිම ආරම්භ කළ ට්‍රෙවිස් හෙඩ් සහ උස්මාන් කවාජා එක්ව කිසිදු අපහසුවකින් තොරව දිනය ආරම්භයේදී පන්දුවට පහර දෙනු දක්නට ලැබිණ. පන්දු 40 කින් ලකුණු 57 ක් ලද ට්‍රෙවිස් හෙඩ් ඉන් ලකුණු 46 ක්ම හතරේ පහර සහ හයේ පහර වලින් රැස් කළේය. ඒ හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් ලෙසිනි.
දුර්වල පන්දු දුටු විගස සීමා ඉරෙන් පිටතට පැමිණ පහර එල්ල කිරීමට මැලි නොවූ වමත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර හෙඩ්, එල්ල කරන ලද පහර ලෝන්ග් ඕන්හි සිට දිනේෂ් චන්දිමාල් රැක ගැනීම නිසා අකමැත්තෙන් වුවද ඔහුට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය. එම කඩුල්ල දවා ගැනීමේ ගෞරවය ප්‍රභාත් ජයසූරියට හිමිවිය. කෙසේ වෙතත් ට්‍රෙවිස් හෙඩ් ලකුණු 23 ක් ලබා සිටින අවස්ථාවේදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු විසින් නිෂ්ප්‍රබා කර සිටි අවස්ථාවේදී තෙවැනි විනිසුරුගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා උත්සුක නොවීය. කෙසේ වෙතත් පුණරූපවණවලට අනුව එය නිසැක දැවි යෑමක් ලෙසින් සටහන් වුවත්, තෙවැනි විනිසුරුගේ සහාය ලබා නොගැනීමේ වාසිය හෙඩ්ට අර්ධ ශතකයක් කරා යෑමට වාසනාව ගෙන දුන්නේය.
ලකුණු 10,000 ලබා ගැනීමෙන් පසු ස්මිත් මුහුණ දුන් දෙවැනි පන්දුවටම පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය අතරටම පෙරළා උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය රැක ගැනීමට ජයසූරිය අසමත් විය. එසේ වූයේ නම් ස්මිත්ගේ ටෙස්ට් තරග දිවියේ 35 වැනි ශතකයට පෙර ඔහුගේ ඉනිම එක් ලකුණකදී නිමාවට පත්වනු ඇත. ඔහුට අමතරව අද දිනයේදී අනෙක් ශතක ලාභියා බවට පත්වුණු කවාජා සිය ටෙස්ට් තරග දිවියේ 16 වැනි ශතකය අද ලබා ගත්තේය.
දිවා විවේකයට මිනිත්තු කීපයකට පෙර කවාජාට එක්වූ ස්මිත් දිනය අහවර වෙන තෙක්ම කඩුලු ආරක්ෂා කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිස රදයක් වෙමිනි. තරගය නිමා කර දමන විටත් පන්දු 210 කට මුහුණ දී සිටි කවාජා හයේ පහරත් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 147 ක්ද ස්මිත් පන්දු 188 කට මුහුණ දී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 104 ක් ද ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීම සඳහා අවස්ථාව උදාකරගෙන සිටිති.
මුහුණ දුන් 135 වැනි පන්දුවේදී ශතක වාර්තා කල කවාජා ලකුණු 74 ක් ලබා සිටියදී ජයසූරියගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දුන්නද එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු නොකිරීමේ වාසියද හෙඩ් ට මෙන්ම කවාජාට ද සතුවිය. ඒ හැරුණු කොට කවාජා ලබා දුන් පහසු උඩ පන්දු දෙකක්ද ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම තරගයේ මෙතරම් වාසියක් ඔස්ට්‍රේලියානුවන් සතු වීමට හේතු කාරක බවට පත්වීය.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම පන්දුවාර 81.1 කදී කඩුලු 2 කට ලකුණු 147 යි – (උස්මාන් කවාජා 147*, ස්ටීවන් ස්මිත් 104*, මානස් ලබුෂේන් 20, ට්‍රෙවිස් හෙඩ් 57, ජෙෆ්රි වැන්ඩර්සි 93/1, ප්‍රබාත් ජයසූරිය 102/1)