slc
logo
Home   |    News
ජනවාරි 20, 2025
තරග රැසකටම වර්ෂාවෙන් බාධා

sinhala editor

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.

 දෙවන දින (18) තරගය නිම වන විට ලකුණු 127කට කඩුලු තුනක් රැස් කර සිටි පොලීසිය අද (19) තවත් ලකුණු 81ක් රැස් කළේ කඩුලු දෙකක් අද දිනය තුළ දැවීයාමෙනි. එම කඩුලු දෙකම දවාලුවේ මීගමුව කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරිය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධානය කරයි. අද (19) දිනය පුරා උදෑසන සිට පැවැති වර්ෂාව මත තරග හයක්ම සම්පූර්ණයෙන්ම නොපැවැත් වු අතර පැවැති එකම තරගය වුයේ පොලීසිය සහ මීගමුව අතර තරගයයි.

 පොලීසියේ පස්වන කඩුල්ලට අෂේන් බණ්ඩාර සමග විෂාඩ් රන්දික පන්දුවාර 8.4ක දී ලකුණු 55ක් රැස් කළහ.

 අද (19) එකම පන්දුවක්වත් නොයවා නොපැවැත් වු තරග වුයේ කැන්ඩි කස්ටම් – බී.ආර්.සී. තරගය රාගම – බදුරලිය තරගය ටැමිල් යුනියන් – කුරුණෑගල තරුණ තරගය කෝල්ට්ස් – පාණදුර තරගය මුවර්ස් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජ තරගය එස්.එස්.සී. – සී.සී.සී. තරගය සහ බ්ලුම්ෆීල්ඩ් – හලාවත මේරියන්ස් තරගයයි.

 මෙයින් තරග හයක්ම නිමාවට පත් වුයේ ජය පැරැදුමින් තොරවය. මෙදින තරග පැවැත්වීමට අවස්ථාව උදා වුුයේ නම් තරග දෙකකවත් ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව තිබිණි.

 අද (19) ආරම්භ වීමට නියමිතව තිබු බ්ලුම්ෆීල්ඩ් – හලාවත මේරියන්ස් තරගයේ එකම පන්දුවක්වත් නොයවාම ආරම්භ නොවිය.

 පොලීසිය – මීගමුව

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර ලකුණු 84ක් ලැබීය. (පන්දු 66යි හතරේ පහර 13යි හයේ පහර දෙකයි.)

 මීගමුව පළමු ඉනිම කඩුලු 7ට 407යි – (ප්‍රමෝද් මධුෂාන් නොදැවී 101, මිලින්ද සිරිවර්ධන 88, හිමාෂ ලියනගේ 65, දිල්ෂාන් මුණවීර 44, මාධව වර්ණපුර 34, කේෂාන් වන්නිආරච්චි 26, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 26, දිලුම් සුධීර 124/5, ප්‍රියමල් පෙරේරා 22/1)

පොලීසිය පළමු ඉනිම තෙවන දින තරගය නිම වන විට කඩුලු 5ට 208 – (අෂේන් බණ්ඩාර 84, අවිශ්ක තරිඳු 30, විෂාඩ් රන්දික නොදැවී 27, රශ්මික හිරුෂාන් 26, ධනුජ ඉඳුවර 26, උපුල් ඉන්ද්‍රසිරි 64/4යි)

  • කැන්ඩි කස්ටම් – බී.ආර්.සී. (තරගය ජය පැරැදුමින් තොරව නිම විය.)

තෙවන දින එකම පන්දුවක්වත් නොයවා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 131යි – (ෂෙහාන් ප්‍රනාන්දු 33, රොස්කො තටිල් 33, සහන් කෝසල 21, උමේෂ් උදයංග 21, මොහමඩ් ශිරාෂ් 37/5, මාලින්ද පුෂ්පකුමාර 43/2, මොවින් සුබසිංහ 18/2)

බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 218 – (කවිඳු නිර්මාල් 38, දිනුරු අබේවික්‍රම 38, චාමික හීනටිගල 38, රිසිර වීරසූරිය 23, රොෂේන් සිල්වා 18, බුද්ධික සංජීව 48/4, සචිත්‍ර පෙරේරා 50/3)

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 268 – (රොස්කො තටිල් 88, සහන් කෝසල 70, උමේෂ් උදයංග 44, මොවින් සුබසිංහ 65/4, මාලින්ද පුෂ්පකුමාර 85/3, මොහමඩ් ශිරාෂ් 42/2)

බී.ආර්.සී. දෙවන ඉනිම කඩුලු 3ට 51 – (නවිනිඳු නිර්මාල් 11, බුද්ධික සංජීව 12/1, උමේෂ් උදයංග 17/1)

  • රාගම – බදුරලිය (තරගය ජය පැරැදුමින් තොරව නිම විය.)

තෙවන දින එකම පන්දුවක්වත් නොයවා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

රාගම පළමු ඉනිම සියල්ල දැවී 122යි – (ගවිරු සෙන්හස් 21, යොහාන් ලියනගේ 21, දමිත් සිල්වා 16, දිනෙත් තිමෝද්‍ය 15, චාමික රුවන්සිරි 37/8, චාමික කොමසාරු 50/1)

බදුරලිය පළමු ඉනිම කඩුලු 8ට 423 – (ගීත් කුමාර නොදැවී 165, රනේෂ් සිල්වා 75, චානක රූපසිංහ 40, දුනිත් ජයතුංග 39, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, අලංකාර අසලංක 30, කොසාන් ජයවික්‍රම 137/3, ශෂික දිල්ෂාන් 98/2, ලකිඳු සචින් 52/2)

රාගම දෙවන ඉනිම කඩුලු 5ට 112යි – (යොහාන් ලියනගේ 45, විනුර දුල්සර නොදැවී 31, චලන ද සිල්වා 51/4)

  • ටැමිල් යුනියන් – කුරුණෑගල තරුණ (තරගය ජය පැරැදුමින් තොරව නිම විය.)

තෙවන දින එකම පන්දුවක්වත් නොයවා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

 කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 222 – (රශ්මික මධුශංඛ 56, සමීර සඳමල් 42, දිනුෂ්ක මාලන් 31, අසන්ත බස්නායක 28, ළහිරු ජයරත්න 15, ලක්ෂාන් එදිරිසිංහ 12, නවෝද් පරණවිතාන 33/3, තරිඳු රත්නායක 69/3)

ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 299 – (සචිත ජයතිලක 91, නවෝද් පරණවිතාන 82, විහස් තෙව්මික 34, මොහමඩ් ෂමාෂ් 24, මනෙල්ක ද සිල්වා 18, අරවින්ද ප්‍රේමරත්න 117/7, දිනුෂ්ක මාලන් 18/1)

 කුරුණෑගල තරුණ දෙවන ඉනිම – (කඩුලු 1ට 12යි)

  • කෝල්ට්ස් – පාණදුර (තරගය ජය පැරැදුමින් තොරව නිම විය.)

තෙවන දින එකම පන්දුවක්වත් නොයවා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

කෝල්ට්ස් පළමු ඉනිම සියල්ල දැවී 345යි – (ධනංජය ලක්ෂාන් 104, ෂෙරාන් ෆොන්සේකා 63, කවිෂ්ක අංජුල 57, සනෝජ් දර්ශික 33, දිනේෂ් චන්දිමාල් 26, රවිඳු රසන්ත 17, නිමේෂ් විමුක්ති 104/6, මොහමඩ් දිල්ෂාඩ් 37/1)

 පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 366යි – (රුමේෂ් බුද්ධික 84, ෂාලිත් ප්‍රනාන්දු 83, ඕෂද ප්‍රනාන්දු 81, ළහිරු දෙවටගේ 24, රමිඳ විජේසූරිය 22, රංග ලියනආරච්චි 18, අකිල ධනංජය 143/5, ක්‍රිෂ්ණ ශ්‍රී රාම් 83/2)

කෝල්ට්ස් දෙවන ඉනිම (කිසිවකු නොදැවී 00)

  • මුවර්ස් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය (අද දෙවන දින තරගය නොපැවැත් විණි.)

තරගයේ දෙවන දිනය වු අද වර්ෂාව මත තරගය නොපැවැත් විණි.

මුවර්ස් පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 7ට 275යි – (සිතාර ගිම්හාන නොදැවී 92, ජනිෂ්ක පෙරේරා 63, මිලාන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 27, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 17, චාමික එදිරිසිංහ 93/3, මධුක ලියනපතිරණ 53/3)

  • එස්.එස්.සී. – සී.සී.සී. (තරගය ජය පැරැදුමින් තොරව නිම විය.)

තෙවන දින එකම පන්දුවක්වත් නොයවා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එස්.එස්.සී. පළමු ඉනිම 369 – (කුසල් මෙන්ඩිස් 123, චමිඳු වික්‍රමසිංහ නොදැවී 102, නවිනිඳු ප්‍රනාන්දු 40, , දිනුර කළුපහන 33, ෂෙවෝන් ඩැනියල් 23, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/2, ලක්ෂාන් සඳකැන් 61/3)

සී.සී.සී. පළමු ඉනිම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 2ට 264යි – (මිනෝද් භානුක නොදැවී 85, පවන් රත්නායක නොදැවී 79, ලසිත් කෘෘස්පුල්ලේ 76, ප්‍රමෝද් මධුෂාන් 61/1, දිනුර කළුපහන 45/1)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee